පසුගිය දිනක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා සොයාගෙන තිබෙන නව කොරෝනා වෛරසය කොළඹ ප්‍රදේශය අවට පැතිරී තිබෙන බවට සහ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන බවට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි කොළඹ ප්‍රදේශයේ සහ ඒ අවට මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
එනිසා අනවශ්‍ය ගමන් බිමන් යාමෙන්, මංගල උත්සව වලට යාමෙන්, උපන්දින සාද වලට යාමෙන් හා රාත්‍රී සමාජ ශාලා වල ගැවසීමෙන් වැළකී සිටින ලෙසට ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.එමෙන්ම හැකි සෑම විටම සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටින ලෙසත් එසේ නොකලහොත් නව කොරෝනා වෛරසය හිතුවාටත් වඩා වේගයෙන් ව්‍යාප්ත විය හැකි බවත් ඒ මහතා කියා සිටියා.