ඥාති සොහොයුරෙකුගේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා තිස්සමහාරාම, වීරකැටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර කළුවිල ප්‍රදේශය වෙත ගොස් කළුවිල විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පිළිතුරු ලිවීම සඳහා පැමිණි අවස්ථාවේ පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා.
ඉපලෝගම පොලිස් ස්ථානයකට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් විසින් කල පරීක්ෂාවකදී මෙම 23 හැවිරිදි වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයා අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුට ලංකාවේ අපරාධ නීතිය අනුව මෙන්ම විභාග නීතිය අනුව චෝදනා ගොණු කිරීමට නියමිත බවත් ඔහු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.