වාලච්චේනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට උදලු පහරක්

වාලච්චේනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට උදලු පහරක්

මුඛ ආවරණයක් නොපැළඳ සිටි පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් අවවාද දීමට යාමේදී වාලච්චේන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එම පුද්ගලයා විසින් උදැල්ලකින් පහර දී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදුන් පුද්ගලයා මේ වන විට අත් අඩංගුවේ පසුවන අතර පහරකෑමට ලක් වුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බරපතල තුවාල ලබා මේ වන විට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවටද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *