ගිරිඋල්ල පොලිස් වසමේ වෑත්තෑව සහ මුම්මාන යන ප්‍රදෙශ දෙකත්, පූජාපිටිය, කොස්කොටේ තෝරාගත් ප්‍රදේශ කිහිපයකුත් හුදකලා කල බව ජෙනරාල් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිය
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම් කරයි ගවමස් විකිණීම තහනම්
මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ මස් පිණිස ගවයන් ඇතුළු සියලුම සතුන් මැරීම සහ ගව මස් විකිණීම තහනම් කර තිබෙනවා මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි 2021 වර්ෂය සඳහා වූ හරක් මස් ටෙන්ඩරය ද නගර සභා විසින් අත්හිටුවා තිබෙනවා නගර සභා
ඇමති දයාසිරි කොරෝනාවෙන් සුව කරන්න රිටිගල වෙදමහතා බාරගත්තා ගංජා සහ උකුසු බිත්තර පැණිය සූදානම්ළු
දයාසිරි ජයසේකර මහතාට වැලදී ඇති කොරෝනා ආසාදනය දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා පවසනවා ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටියා කොරෝනා ආසාදිත වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ
නිරෝධායන කඩා ටියුෂන් පන්තියක් කල ගුරුවරියක් අධිකරණය හමුවට
නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් (08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම ගුරුවරිය අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම ගුරුවරියට දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු දහසක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ
මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි යාපන සරසවියේ උණුසුම් තත්වයක් STF බලඇණි කැදවයි
යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමත් සමග සිසුන්, දේශාපලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ දැඩි නොසන්සුන්කාරී හැසිරීම ඊයේ (08) රාත්‍රියේම පාලනය කල බවට කෝපායි පොලීසිය පැවසුවා මුලතිව් මුල්ලිවයික්කාල්හි අවසන් යුද සමයේදී මිය ගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් යැයි පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින්
ලේ දන්දීමේ වැඩසටහනක සිටි 3කට කොරෝනා
ගම්පහ මෝරුපොල ප්‍රදේශයේ සිදුකල ලේ දන් දීමේ වැඩසටහනකට එක් වී සිටි තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව ඉදිගොල්ල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලා. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මේ වන විට අදාල ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවයි.
අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(09) කාලගුණ වාර්තාව මෙන්න
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් අද දිනයේ රාත්‍රී කාලයේ සිට වැස්සේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත, මධ්‍යම පලාත වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර පලාත, උතුරු
කොරෝනා මරණ 225 දක්වා ඉහලට
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 3ක් අද දිනයේ වාර්තා වී තිබෙනවා.ඒ සමග ශ්‍රි ලංකාවෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙසේ මියගොස් තිබෙන්නේ රත්නපුර පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හොරණ ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි අයෙක් බවට
කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ 3 කට කොරෝනා
කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 3න් දෙනෙකුට සහ කෑගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අද පස්වරුවේ හඳුනාගෙන තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් 47,000 පනී
කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 251ක් හඳුනාගෙන තිබෙනවා.එම පිරිසගේ එකතුවත් සමග මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,031ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.