ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගියෙක් ලක්ෂ 80ක් වටිනා PCR යන්ත්‍රයක් එම රෝහලට පරිත්‍යාග කරයි

කොරෝනා වසංගතය හමුවේ මුදල් ඇති නැති සෑම දෙනාම රටේ අසරණ වුණු අයට වගේම රජයටත් අධාර උපකාර කරමින් සිටිනවා.මේ වනවිට ඉටුකම කොවිඩ්-19 අරමුදලද මේ වනවිට රුපියල් මිලියන 1700කට ආසන්න වී තිබෙනවා. එවන් අවස්ථාවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරනු ලබන PCR

Read More

මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට කොරෝනා – රෝහල වසා දමයි

මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කරන 58 වියැති වෛද්‍යවරයෙකුට ඊයේ සිදුකල PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. මෙම වෛද්‍යවරයා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයෙක් සමඟ සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර තිබූ අතර මීගොඩ ආයුර්වේද රෝහල මේ වන විට

Read More

දැඩි බාධක මැද මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නිමවෙයි

කොවිඩ්-19 වසංගතයත් සමඟින් අභියෝගාත්මක ලෙස පැවැත්වුණු අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය ඊයේ දිනයෙන් සාර්ථක ලෙස නිමාවට පත් වුණා.දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648කදී සිසුන් 362,824ක් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට දැඩි බාධා එල්ල වුණු අතර නිරෝධායනය වෙමින් සිටි සිසුන් 568ක්ද

Read More

කොරෝනා මැඩීමට ඩෙන්මාර්කය අහිංසක මින්ක් සතුන් මිලියන 15ක් මරා දමයි

ඩෙන්මාර්කයේ මින්ක් සතුන් හේතුවෙන් කොවිඩ්-19 වෛරසය විකෘති වන බව පවසමින් එම සතුන් මිලියන 15ක් මරා විනාශ කිරීමට ඩෙන්මාර්ක රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් එරට අගමැතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා.කෙසේ වෙතත් එරට මින්ක් සතුන් ඇති කරනු ලබන ගොවිපළවල් 1100කට වැඩි ප්‍රමාණයක් එරට තිබෙන අතර ඒවායේ

Read More

කොරෝනා නිසා නොපසුබැස, මෙරට තොරතුරු තාක්ෂණ අපනයනයේ 8%ක වර්ධනයක්

ජර්මනියේ ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙරට තොරතුරු තාක්ෂණය සහ බාහිර සේවා සඳහා පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත සහ වාණිජ නියෝජිතායතනයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් හර්ගන්හොතර් මහතා ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතය බලපා තිබුණත් තොරතුරු තාක්ෂණ අපනයනයෙන් 8%ක වර්ධනයක් ලබා ඇති බව

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි – සේවකයෙකුට කොරෝනා

කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 ආසාදිත නිලධාරියෙකු එම ආයතනයෙන් හමුවීමත් සමග සියළුම මෙහෙයුම් සහ මහජන කටයුතු නැවැත්වීමට තීරණය කල බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ආයතන පරිශ්‍රය විෂබීජහරණය කොට නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් තැපැල්පතිවරයා

Read More

ඇඳිරි නීතිය අස්සේ හොරාට පාටි දැමූ 8කට වැඩ වරදී

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී 8දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවෙදී මෙසේ එක් රැස්ව මත්පැන් පානය කිරීම හේතුවෙන් ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Read More

පොලීසියටත් කර කියාගන්න දෙයක් නැති වෙයි – පොලීසියේ ආසාදිතයින් 222 කට නගී

අද දිනයේ බොරැල්ල පොලීසියෙන් කොරෝනා ආසාදිත නිලධාරීන් 41ක් තහවුරු වීමත් සමඟම කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 222ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම බොරැල්ල පොලීසියේ නිලධාරීන් 56කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

Read More

කොරෝනා ආසාදිතයෙක් සියදිවි නසා ගනී

ඔක්තෝම්බර් මස 31 වන දින සියදිවි හානි කරගෙන පානදුර රෝහලට ඇතුළත් කල 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේම පදිංචි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණය වාර්තා කර තිබුණේ සියදිවි නසා ගැනීම හේතුවෙන් සිදු වූ

Read More

රට යළිත් සතියක් පුරාවට වසා දමයිද?

රට සතියක් පුරාවට වසා දැමීමට ඊයේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා වූ බවත් මහජනතාවගේ එදිනෙදා කටයුතු මෙන්ම ආර්ථිකයද අකර්මන්‍ය වන බැවින් එසේ නොකරන ලෙස ජනාධිපතිතුමන් තමන්ට දැනුම් දුන් බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම හැකි සෑම විටම මහජනතාවට කරදරයක් හිරිහැරයක් නොවන ලෙසින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා

Read More

1 52 53 54 55 56 58