කොරෝනා ආසාදිතයින් 13,000 පනී

ඊයේ දිනයේ වාර්තා වුණු කොරෝනා රෝගී මරණ 4ත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 13,419ක් වන අතර පුද්ගලයින් 7,723ක් සම්පූර්ණ සුවය ලබා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.එමෙන්ම තවත් 5,662ක් නිරෝධායන මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබනවා.

Read More

යාපනයේ බිම් බෝම්බයක් පුපුරා යයි – පුද්ගලයෙක් තුවාල ලබා රෝහලේ

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ඊයේ බිම් බෝම්බයක් පුපුරා ගොස් පුද්ගලයෙක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව චාවකච්චේරි පොලීසිය සඳහන් කලා. අදාල පුද්ගලයා ඔහුගේ හරක් රංචුව බැඳීම සඳහා කැලෑබද ප්‍රදේශයකට ගොස් තිබෙන අතර ඔහුට බිම් බෝම්බය පෑගී තිබෙනවා.ඔහු ගසකට මුවා වනවාත් සමගම එය පිපිරී ඇති බවටත් පිපිරීමෙන් ඔහුගේ පාදවලට පමණක් හානි

Read More

හොරණ Bodyline පොකුරේ ආසාදිතයින් ගණන 159ට නගී

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 81ක් හමුවීමත් සමග හොරණ ගුරුගොඩ Bodyline ඇගලුම් කර්මාන්තශාලාවෙන් හමුවූ සමස්ථ ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ගියා. මෙම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 5600කට වඩා සේවය කරන අතර ඉදිරියේදී තවත් 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඒමට නියමිතව තිබෙනවා.

Read More

යුනියන් පෙදෙසේ කීල්ස් වෙළඳසැලේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

මෙරට ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන Keells ආයතනයේ Union Place වෙළඳසැලේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.එය හඳුනාගත් වහාම අදාල වෙළඳසැල වසා දමා විෂබීජහරණයට යොමුකර තිබෙනවා. අදාල කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා මේ වන විට නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා

Read More

වැලිකඩ සිටි සහරාන් හෂීම්ගේ බිරිඳට කොරෝනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳටද කොරෝනා ආසාදනය වී තිබෙන බවට වාර්තා වනවා. වැලිකඩ බන්ධනාගාරයේ ඇයත් සමඟ තවත් කාන්තා රැදිවියන් 22කට සහ කොරෝනා ආසාදනය වී ඇති බැවින් ඒ සියළු දෙනා වැලිකන්ද රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පොලීසිය සඳහන් කලා.

Read More

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගියෙක් ලක්ෂ 80ක් වටිනා PCR යන්ත්‍රයක් එම රෝහලට පරිත්‍යාග කරයි

කොරෝනා වසංගතය හමුවේ මුදල් ඇති නැති සෑම දෙනාම රටේ අසරණ වුණු අයට වගේම රජයටත් අධාර උපකාර කරමින් සිටිනවා.මේ වනවිට ඉටුකම කොවිඩ්-19 අරමුදලද මේ වනවිට රුපියල් මිලියන 1700කට ආසන්න වී තිබෙනවා. එවන් අවස්ථාවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරනු ලබන PCR

Read More

මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට කොරෝනා – රෝහල වසා දමයි

මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කරන 58 වියැති වෛද්‍යවරයෙකුට ඊයේ සිදුකල PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. මෙම වෛද්‍යවරයා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයෙක් සමඟ සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර තිබූ අතර මීගොඩ ආයුර්වේද රෝහල මේ වන විට

Read More

දැඩි බාධක මැද මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නිමවෙයි

කොවිඩ්-19 වසංගතයත් සමඟින් අභියෝගාත්මක ලෙස පැවැත්වුණු අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය ඊයේ දිනයෙන් සාර්ථක ලෙස නිමාවට පත් වුණා.දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648කදී සිසුන් 362,824ක් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට දැඩි බාධා එල්ල වුණු අතර නිරෝධායනය වෙමින් සිටි සිසුන් 568ක්ද

Read More

කොරෝනා මැඩීමට ඩෙන්මාර්කය අහිංසක මින්ක් සතුන් මිලියන 15ක් මරා දමයි

ඩෙන්මාර්කයේ මින්ක් සතුන් හේතුවෙන් කොවිඩ්-19 වෛරසය විකෘති වන බව පවසමින් එම සතුන් මිලියන 15ක් මරා විනාශ කිරීමට ඩෙන්මාර්ක රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් එරට අගමැතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා.කෙසේ වෙතත් එරට මින්ක් සතුන් ඇති කරනු ලබන ගොවිපළවල් 1100කට වැඩි ප්‍රමාණයක් එරට තිබෙන අතර ඒවායේ

Read More

ලංකා ප්‍රීමියර් ලීගයට දින නියම වෙයි

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා, සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එක්ව ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එය ලබන 27 වන දා හෝ 28 වන දා ආරම්භ කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා. එමෙන්ම තරඟය හම්බන්තොට සූරීයවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පමණක් පැවැත්වෙන අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා එහි ආරක්ෂිත ජෛව බුබුලක් නිර්මාණය

Read More

1 57 58 59 60 61 64