අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 421ක් හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.එම ආසාදිතයින් 421දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙ වන විට කොරෝනා ආසාදනය වී සම්පූර්ණ සුවය ලබා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 35,329ක් වේ.
Tag: breaking news
අ.පො.ස. සා.පෙළ දින නියමයක් නොමැතිව කල් යයි
2021-01-18 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු සභාව අමතමින් කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් 50%කට ආසන්න පිරිසකට මේ වන විට අධ්‍යාපන