අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ආදාහන උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 22වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වන විට අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මැණික්හින්න , හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ මහජනතාවට ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබෙනවා.