කොරෝනා වෛරසයේ ප්‍රභේද පිළිබඳව සොයා බලමින් තම විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ මේ වන විට සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරසයේ විකෘති වූ වෛරස ප්රභේදයන් පී.සී.ආර්. පරීක්ෂණ මගින් හඳුනාගැනීමට නොහැකි බව පවසමින් මෙම
Tag: lankanews
රත්නපුර රෝහල් වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා
රත්නපුර රෝහලේ සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු, උපස්ථායකයින් දෙදෙනෙකු සහ හෙද මණ්ඩලයේ දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගීන් 9කට කොරෝනා ආසාදනය වී ඇතු බවට හඳුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වය නිසා අද දිනයේත් කිහිප දෙනෙකුට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කල බව රෝහල් බලධාරියෙකු පවසා සිටියා.
කොරෝනා මරණ 195ක් වෙයි
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ සංකූල වූ වකුගඩු ආසාදනය සහ කොරෝනා හේතුවෙන් ඉහල ගිය නිව්මෝනියාවයි.