newslanka.lk
Tag: news lanka
අකුරණ පැත්තක් හුදෙකලා කෙරේ
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත්වන බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා ආසාදිතයින් 38ක් මේ වනවිට හඳුනාගෙන ඇති නිසා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය දැමීමට තීරණය කර තිබෙනවා.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළු පාසැල් සතියක් වසා දැමේ
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් අද සිට දින 7ක් වසා දැමීමට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේම තීරණය කර තිබෙනවා.කොරෝනා ආසාදිතයෙකු එම දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවකම ඇවිද තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට
අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.
කොරෝනා වලට වඩා දරුණු වෛරසයක් බොලිවියාවෙන් – ඇමෙරිකාව ලෝකයටම අනතුරු අඟවයි
මිනිසුන් අතර සීඝ්රයෙන් ව්‍යාප්ත විය හැකි චැපර් නම් වූ භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. ඉබෝලා වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන චැපර් ලෙස හඳුන්වන මෙම නව වෛරසය බොලිවියාවේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදී හඳුනාගෙන තිබෙනවා. මින් පෙරද 2004 වර්ෂයේදීත් බොලීවියාවේ මෙම වෛරසය
රටටම සතුටුදායක පණිවිඩයක් – තව මාස 4කින් කොරෝනා ඉවරයි
පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු චාමර සම්පත් දසනායක මහතා තවත් මාස 4කින් කොරෝනා ශ්‍රීලංකාවෙන් අවසන් වන බව අද දින පාර්ලිමේන්තු සැසි වාරයේදී සඳහන් කර තිබෙනවා. එසේ කොරෝනා අවසන් වීමත් සමග විපක්ෂයේ කොරෝනා සටන් පාඨයත් එතැනින්ම සුන් වී යන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටම යලිත් ඇඳිරි නීතිය නොදමන්නේ කොරෝනා තවත් අවුරුදු
බස්නාහිර සහ හුදෙකලා කල ප්‍රදේශවල හැර අනෙකුත් පාසල් 23 අරී
බස්නාහිර පලාතේ සහ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියළුම ප්‍රදේශවල පාසල්වල 3වන වාරය මෙම මස 23වන දා සිට ආරම්භ කරන බවත් එසේ පාසල් පැවැත්වෙන්නේ 6 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණියේ දුවා දරුවන් සඳහා පමණක් බවත් අධ්‍යාපන අමාත්‍ය ජී,එල්.පීරිස් මහතා සඳහන් කර සිටියා. එමෙන්ම බස්නාහිර පලාත තුළ සිටින
වෛද්‍ය ජයරුවන්ගේ තනතුරට වූ දේ අමාත්යවරියම කියයි
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වූයේ සිය කැමැත්තෙන්ම බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියා.පාර්ලිමේන්තුව තුල විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එසේ පවසා තිබුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් කරන තෙක් ඔහුට එම තනතුර තාවකාලිකව දුන් බවත් අළුතින් පත්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් වූ පසු මාධ්‍යයට ප්‍රකාශයන්
කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි – 2ක් ඔවුන්ගේ නිවෙස්වලදී
අද දිනයේ කොරෝනා මරණ 3ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. 70 හැවිරිදි කඳානේ පදිංචි පුද්ගලයෙක් නිවස තුලම මියගොස් තිබේ.දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුවයි.කොළඹ 12 පදිංචිව සිට තිබෙන 48 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුලදීම මියගොස් තිබෙනවා.ඔහුගේ මරණයට හේතුව වන්නේ දියවැඩියාව උත්සන්න වීම සහ කොරෝනා ආසාදනය වීමයි. කොළඹ
හෝමාගම ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් – එම ප්‍රදේශ මෙන්න
හෝමාගම, පැලැන්වත්ත, මත්තෙගොඩ සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට හෝමාගම – ගලවිලවත්ත ජල පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 9:00 සිට පැය 10ක් ජලය කප්පාදු කරන බව ජල සම්පාදන සහ ජලප්‍රවාහණ මණ්ඩලය නිවේදනය කලා.