උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත යන පලාත්වලත් මාතලේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව නිවේදනය කලා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය,
Tag: newslanka.lk
සුදු ඉරේ අධික වේගයෙන් ආ ත්‍රීරෝද රථයේ ගැටුණු පාසල් දැරියට බරපතල තුවාල
ඊයේ දිනයේ සවස 4.00ට පමණ හැටන් – නුවර එළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරයේදී පදික මාරුව හරහා පාර මාරු වෙමින් සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී දික් ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ත්‍රීරෝද රථයේ ශිෂ්‍යාව ගැටෙනවාත් සමගම අඩි කිහිපයක් ඇය විසිවී ගොස්
සතොසෙ න් අලෙවි කරන මුහුණු ආවරණ ආදායමෙන් කොටසකට කරන්න යන දේ
දුප්පතාට හිතවත් තවත් රාජ්‍ය ආයතනයක් වන ස.තො.ස. ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද දිනයේ එම ධුරයේ වැඩ භාර ගත් අතර එම උත්සවයට පැමිණ සිටි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ සියලුම ස.තො.ස. අලෙවිසැල් වලින් අලෙවි වන මුහුණු ආවරණ වලින් රුපියලක මුදලක් මහපොල ශිෂ්‍යත්ව අරමුදල
කොරෝනා මර්දන කටයුතු අධීක්ෂණයට ඉහළ හමුදා නිලධාරීන් 25ක්
අද දිනයේ සිට කොරෝනා මර්දන කටයුතු සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් 25 වෙනුවෙන් යුධ හමුදාවේ ඉහළ නිලධාරීන් 25ක් පත් කිරීමට යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තීරණය කර තිබෙනවා. ඔවුන්ට ඖෂධ සහ අත්‍යාවශ්‍ය සේවා සැපයුම් පිළිබඳව සොයා බැලීම, නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය සොයාබැලීම, එම මධ්‍යස්ථාන සඳහා පුද්ගලයින් ප්‍රවාහනය කීරීම සොයා බැලීම ආදී විශේෂ
විශේෂ සාකච්ඡා කිහිපයක් සඳහා මැතිවරණ කොමිසම රැස්වෙයි
ඡන්ද හිමි නාම ලේඛන කටයුතු සාකච්ඡා කිරීමට සහ තවත් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කලා. නව මැතිවරණ කොමිසම පත් වීමෙන් අනතුරුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව රැස්වන දෙවන දිනය අදයි.
මහව පොලීසියේ සැරයන්වරයෙකුට පිහි පහරක්
මහව නගරයේ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට යාමේදී එම සිව් දෙනාගෙන් එක් පුද්ගලයෙක් මහව පොලීසියේ සැරයන්වරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කලා. එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි – අද (31) කාලගුණ වාර්තාව මෙන්න
උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත, මධ්‍යම පලාත, නැගෙනහිර පලාත යන පලාත්වලට විටින් විට වැසි ඇති වන බවටත් මාතලේ දිස්ත්‍රික්කයේ, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.50 ඉක්මවූ තරමක තද වැසි ඇති වන බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි
කොරෝනා ප්‍රභේද සොයා ශ්‍රීලංකාවත් පරීක්ෂණ අරඹයි
කොරෝනා වෛරසයේ ප්‍රභේද පිළිබඳව සොයා බලමින් තම විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ මේ වන විට සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරසයේ විකෘති වූ වෛරස ප්රභේදයන් පී.සී.ආර්. පරීක්ෂණ මගින් හඳුනාගැනීමට නොහැකි බව පවසමින් මෙම
රත්නපුර රෝහල් වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා
රත්නපුර රෝහලේ සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු, උපස්ථායකයින් දෙදෙනෙකු සහ හෙද මණ්ඩලයේ දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගීන් 9කට කොරෝනා ආසාදනය වී ඇතු බවට හඳුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වය නිසා අද දිනයේත් කිහිප දෙනෙකුට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කල බව රෝහල් බලධාරියෙකු පවසා සිටියා.
මෙරටට සංචාරයේ ආ යුක්රේන ජාතිකයින් 3කට කොරෝනා
ලොව බොහෝ රටවල් යලිත් ගුවන්තොටුපොලවල් වසා දමන අවස්ථාවක මෙරට රජය විසින් සංචාරකයින් සඳහා ගුවන්තොටුපොලවල් පෙරේදා දිනයේ විවෘත කරනු ලැබුවා.එසේ එදින පැමිණි යුක්රේන ජාතිකයින් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.