ඊයේ දිනයේ වාර්තා වුණු කොරෝනා රෝගී මරණ 4ත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 13,419ක් වන අතර පුද්ගලයින් 7,723ක් සම්පූර්ණ සුවය ලබා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.එමෙන්ම තවත් 5,662ක් නිරෝධායන මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබනවා.
Tag: newslanka.lk
යාපනයේ බිම් බෝම්බයක් පුපුරා යයි – පුද්ගලයෙක් තුවාල ලබා රෝහලේ
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ඊයේ බිම් බෝම්බයක් පුපුරා ගොස් පුද්ගලයෙක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව චාවකච්චේරි පොලීසිය සඳහන් කලා. අදාල පුද්ගලයා ඔහුගේ හරක් රංචුව බැඳීම සඳහා කැලෑබද ප්‍රදේශයකට ගොස් තිබෙන අතර ඔහුට බිම් බෝම්බය පෑගී තිබෙනවා.ඔහු ගසකට මුවා වනවාත් සමගම එය පිපිරී ඇති බවටත් පිපිරීමෙන් ඔහුගේ පාදවලට පමණක් හානි
හොරණ Bodyline පොකුරේ ආසාදිතයින් ගණන 159ට නගී
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 81ක් හමුවීමත් සමග හොරණ ගුරුගොඩ Bodyline ඇගලුම් කර්මාන්තශාලාවෙන් හමුවූ සමස්ථ ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ගියා. මෙම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 5600කට වඩා සේවය කරන අතර ඉදිරියේදී තවත් 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඒමට නියමිතව තිබෙනවා.
යුනියන් පෙදෙසේ කීල්ස් වෙළඳසැලේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා
මෙරට ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන Keells ආයතනයේ Union Place වෙළඳසැලේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.එය හඳුනාගත් වහාම අදාල වෙළඳසැල වසා දමා විෂබීජහරණයට යොමුකර තිබෙනවා. අදාල කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා මේ වන විට නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා
වැලිකඩ සිටි සහරාන් හෂීම්ගේ බිරිඳට කොරෝනා
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳටද කොරෝනා ආසාදනය වී තිබෙන බවට වාර්තා වනවා. වැලිකඩ බන්ධනාගාරයේ ඇයත් සමඟ තවත් කාන්තා රැදිවියන් 22කට සහ කොරෝනා ආසාදනය වී ඇති බැවින් ඒ සියළු දෙනා වැලිකන්ද රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පොලීසිය සඳහන් කලා.
කොරෝනා මැඩීමට ඩෙන්මාර්කය අහිංසක මින්ක් සතුන් මිලියන 15ක් මරා දමයි
ඩෙන්මාර්කයේ මින්ක් සතුන් හේතුවෙන් කොවිඩ්-19 වෛරසය විකෘති වන බව පවසමින් එම සතුන් මිලියන 15ක් මරා විනාශ කිරීමට ඩෙන්මාර්ක රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් එරට අගමැතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා.කෙසේ වෙතත් එරට මින්ක් සතුන් ඇති කරනු ලබන ගොවිපළවල් 1100කට වැඩි ප්‍රමාණයක් එරට තිබෙන අතර ඒවායේ
ලංකා ප්‍රීමියර් ලීගයට දින නියම වෙයි
ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා, සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එක්ව ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එය ලබන 27 වන දා හෝ 28 වන දා ආරම්භ කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා. එමෙන්ම තරඟය හම්බන්තොට සූරීයවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පමණක් පැවැත්වෙන අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා එහි ආරක්ෂිත ජෛව බුබුලක් නිර්මාණය
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි – සේවකයෙකුට කොරෝනා
කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 ආසාදිත නිලධාරියෙකු එම ආයතනයෙන් හමුවීමත් සමග සියළුම මෙහෙයුම් සහ මහජන කටයුතු නැවැත්වීමට තීරණය කල බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ආයතන පරිශ්‍රය විෂබීජහරණය කොට නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් තැපැල්පතිවරයා
ඇඳිරි නීතිය අස්සේ හොරාට පාටි දැමූ 8කට වැඩ වරදී
ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී 8දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවෙදී මෙසේ එක් රැස්ව මත්පැන් පානය කිරීම හේතුවෙන් ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි