දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.මිය ගිය එම පුද්ගලයාත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 184ක් වී තිබෙනවා.
Tag: newslanka.lk
මහාචාර්ය චන්ද්‍රා ජයසේන කොරෝනා මිනී භූමදානයට තදින්ම විරුද්ධ වෙයි- හේතුව පහදයි
කොරෝනා ආසාදිත මල සිරුරු භූමිදානය කිරීමෙන් එම සිරුරු වල තිබෙන ඕජස් ජල මූලාශ්‍රවලට එකතුවන බව මහාචාර්ය චන්ද්‍රා ජයසේන ඇතුළු උගතුන් පිරිසක් කරුණු පෙන්වා දෙනවා. ඩෙන්මාර්කය තුළ කොරෝනා හේතුවෙන් මිය ගිය මුගටියන් මීට කලින් භූමිදානය කර තිබුණද මේ වන විට ඒවා ගොඩගෙන යළිත් පිළිස්සීමට දමා තිබෙන්නේ මෙම හේතුව නිසා බවද ඔවුන්
ජනවාරියේ ශ්‍රීපාද වන්දනාවේ නො එන ලෙස දැනුම් දෙයි
කොරෝනා වෛරසය හැටන් වතු ආශ්රිත ප්‍රදේශවල වේගයෙන් පැතිර යාම හේතුවෙන් මෙවර ශ්‍රී පාදය වන්දනා කර ගැනීමට ජනවාරි මාසයේ නොපැමිණෙන ලෙස නුවර එළිය දිස්ත්‍රික් ලේකම්වරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. සෞඛ්‍ය අංශවලින් අවසර ලබාගෙන පැමිණියද මෙම ප්‍රදේශයේ පවතින කොරෝනා අවදානම පහව නොයන බවද ඔහු සඳහන් කර තිබෙනවා.ශ්‍රීපාද
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් අනූෂ පැල්පිට
2021 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දක්ෂ සහ ජ්‍යෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.
යතුරුපැදියේදී එලොව ගිය පිය පුතු
අද උදෑසන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 32 හැවිරිදි පියා සහ අවුරුදු 4ක් වයසැති පුතණුවන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මව පියා සහ පුතා යතුරුපැදියෙන් පුතා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හැරලීමට යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.අනතුරින් බරපතල තුවාල ලැබූ පියා සහ පුතා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.මව තවමත් රෝහලේ
මහියංගනයේ මාළු වැස්ස
මහියංගනය ප්‍රදේශයට අද දිනයේ මාළු වැස්සක් ඇද හැලී තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඇතැම් ප්‍රදේශවල ඇතිවන ටොනාඩෝ නිසා මෙවැනි වර්ෂාවන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියා.
කොරෝනා ආසාදිතයින් 37,000 ආසන්නයේ
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අළුතින් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,926ක් ලෙස වාර්තා වනවා.28,267 සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිත කාන්තාවක් ගැසූ විට කෙළ පහරක් නිසා පවුලක් නිරෝධායනයට
බලන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය කොරෝනා ආසාදිත කාන්තාවක් ඔවුන් ප්‍රවාහනය කල බස් රථයෙන් එළියට විට කෙල ගැසීමෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ලං.ග.ම. බලන්ගොඩ ඩිපෝවේ රියදුරු මහතෙකු සහ ඔහුගේ පවුලේ සියළුම දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. කොළඹ සිට බලන්ගොඩ ප්‍රදේශයට මෙලෙස ආ බස් රථයෙන් අදාල කාන්තාව
ගතවූ දින 20ට 1611ක් අත් අඩංගුවේ
ගතවූ දින 20 තුළ නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 1611ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් ගතවූ පැය 24 තුළ 20 දෙනෙක් අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා. ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මුව ආවරණ නොපැලඳීමත් දුරස්ථභාවය තබා නොගැනිමත් යන හේතූන් මත බව
ගාල්ලේ ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 41ක් හමුවීමත් සමග ගාල්ලේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23ක් ලබන වාර තෙක්ම වසා දැමීමට තීරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා නිවේදනය කර තිබෙනවා.එම පාසැල්වල අධ්‍යන කටයුතු