ඔරුගොඩවත්ත සාතම්මාවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් රෝහලට රැගෙන යාමට පැමිණි මහජන සෞඛ්‍ය නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුවී තිබෙනවා. එහි සිටි කොරෝනා ආසාදිත්යින් 8 දෙනෙකු රැගෙන යාමට ගොස් තිබෙන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු මෙම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග පොලීසිය සහ ආරක්ෂක නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයක්
Tag: newslanka.lk
ලයිසන් නොමැතිව අනතුරක් කල පොලිස් ලොක්කාගේ දියණියට පොලීසියෙන්ම ඇප
පෙරේදා දිනයේදී සුඛෝපබෝගී ජීප් රථයක් පැද යමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථ අලෙවිසලකට හානි කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඊයේ පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.ඔවුන් මෙසේ මුදා හැර තිබෙන්නේ ඊයේ අලුත්කඩේ උසාවිය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදීය. එයට හේතුව ලෙස පොලීසිය දක්වා තිබෙන්නේ
පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා වැළඳෙයි
පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කලේ ඔහුට කොරෝනාදැයි තහවුරු කරගැනීම සඳහා නැවතත් ප්cර් පරීක්ෂණයකට යොමු කල බවයි. කෙසේ වෙතත් එම පොලිස් නිලධාරියා පසුගිය දින කිහිපය තුළම රාජකාරී කටයුතුවල
කොළඹ අවදානමේ රතු කට්ටත් පනී – ගෙයින් එලියට බහින්න එපා, වසංගත රෝග පධානී අනතුරු අඟවයි
කොරෝනා ව්‍යාප්තියේ වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ නගර සභ බල ප්‍රදේශය තුල බවත් එලෙසම කොළඹ නගර සභා බල ප්‍රදේශය ආසන්න අනෙකුත් ප්‍රදේශ එම අවදානමේම තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිවයිනේ සමස්ථයක් ලෙසින් ගත් කල වැඩිම අවදානමක් ඇත්තේ බස්නාහිර පලාත තුළ බවත් එබැවින් නිරෝධායන
පිල්ලෙයාන් ආගමික උත්සව වලට බන්ධනාගාරයෙන් යවයි
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන අයට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසර ලැබී ඇති බවත් ඒ අනුව ඔහු බන්ධනාගාරයේ අවසරයෙන් කෝවිලකට ගොස් උත්සව වලට සහභාගී වී ඇතැයිද වාර්තා වනවා. මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන් මත ඔහු
සෞඛ්‍ය ඇමතිනිය, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එලියට විසි කරයි
කොරෝනා තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණඩාර මහතාගෙන් විමසූ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ට මින් පසු මාධ්‍ය ඇමතිය නොහැකි බවත් සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙසත් පැවසූ බැවින් එම මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවූ බව ප්‍රකාශ කර
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ තද වැසි – අද(2020-11-15) කාලගුණ වාර්තාව මෙන්න
අද දිනයේ නැගෙනහිර පලාතේ සහ උතුරු පලාතේ වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. වයඹ පලාත, බස්නාහිර පලාත, සබරගමු පලාත යන පලාත්වලටත් මාතර දිස්ත්‍රික්කය ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක වලටත් අද දිනයේත් 100 ඉක්මවූ තද වැසි ඇතිවන
ජනපති අගමැති රටට සෙත් පතා මිරිසවැටියේ
මල්වතු පාරිශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනපති පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙනුත් අගමැතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙනුත් සහ රට වැසියන්ට, ලෝවැසියන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුදබිමේදී ඊයේ සන්ධ්‍යාවේ මහා සංඝරත්නයේ 500 නමක් හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් ජනපති, අගමැති සහ මැති ඇමතිවරුන් පිරිසකගේද සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ප්‍රදේශ කිහිපයකට මි.මි.100 ඉක්මවූ වැසි – අද (2020-11-14) කාලගුණ වාර්තාව මෙන්න
උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, උතුරු පලාත යන පලාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බවත් අනෙකුත් ප්‍රදේශවලට අද දින සවස 2:00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම සබරගමු පලාතට, මාතර දිස්ත්‍රික්කයට, ගාල්ල දිස්ත්‍රික්කයට මි.මි.100 ඉක්මවන තද වැසි වාර කිහිපයක් ඇති
PCR පරීක්ෂණ කරන්නැයි රැඳිවියන් කල උපවාසය අත් හරී
PCR පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් පිරිසක් එක්ව වහලයක් මත කල උපවාසය නිම කර තිබෙනවා.මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 158ක් හඳුනාගෙන තිබෙන අතර ඒ අතර බන්ධනාගාර නියාමකවරුන් 3න් දෙනෙක්ද සිටිනවා. මේ වන විට බන්ධනාගාර අශ්‍රිතව PCR පරීක්ෂණ 9500ක් පමණ සිදු කර තිබෙන බවත් අද දින