නවීන ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් අවශ්‍යයි - විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්
දිත්වා සුළි කුණාටුවෙන් උගත් පාඩම් මත පදනම්ව, පූර්ව සූදානමෙන් යුතු නවීන ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දිත්වා සුළි කුණාටුවෙන් උගත් පාඩම් මත පදනම්ව, පූර්ව සූදානමෙන් යුතු නවීන ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පොලිස් ස්ථාන ඇතුළට ජංගම දුරකථන රැගෙන යාම වැළැක්වීමේ කිසිදු නියෝගයක් හෝ චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ වාර්ෂික ආදායම ට්‍රිලියන හයක් වුවද ණය සහ වෙනත් වගකීම් හේතුවෙන් වියදම ට්‍රිලියන අටක් දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ පෞද්ගලික විදුලි ජනන සමාගම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ආරම්භ කර ඇති පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට ගිය බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
ජාතික ජන බලවේගය බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව තිබේ.
ජාත්‍යන්තර කාන්තා හිංසන නිවාරණ දිනය වෙනුවෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් තැඹිලි පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවේදී එකමුතුකම ප්‍රදර්ශනය කළහ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ශක්තිමත් සහ තිරසාර බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් නවදිල්ලි නුවරදී පැවසීය.
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් විදුලිබල මණ්ඩලයේ සිදුවූ බව කියන වංචාවක් පිළිබඳව තොරතුරු ලබා දී තිබේ.
කුලය සඳහන් කරමින් පළ කෙරෙන විවාහ දැන්වීම් තහනම් කිරීමට රජය කිසිදු සූදානමක් නොමැති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
නව තස්ත්‍රවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් පාර්ලිමේන්තුවේදී විමසා තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සුහද හමුවක් කොළඹදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මයර් සහ හිටපු ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇත.
කිින්නියා අල්-අක්සා මහා විද්‍යාලයේ ශාලාව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් වැරදි සිදු වී ඇත්නම් නීතිමය පියවර ගැනීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව මෙවර අයවැය සකස් කර ඇති බැවින් එහි ආදායම් හෝ වියදම් වෙනස් කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
කාර්යාංශයේ බඳවා ගැනීම් සම්බන්ධයෙන් විපක්ෂය මතු කළ චෝදනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.
දිගුකාලීන වැටුප් විෂමතා විසඳීමට අපොහොසත් වීම හේතුවෙන් ගුරු, විදුහල්පති, විශ්වවිද්‍යාල අනධ්‍යයන සහ දන්ත වෛද්‍ය සංගම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සූදානම් වේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොලිස් සුනඛයන් සඳහා අලුතින් ඉදිකරන කූඩු දෙකකට රුපියල් මිලියන 5.4ක මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතුව තිබේ.
දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති වේගවත් කරන ලෙසත් රාජ්‍ය මූල්‍ය කාර්යක්ෂමව කළමනාකරණය කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
වත්මන් අයවැය යෝජනා සම්බන්ධයෙන් කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අලුත් පියාපත් සංවිධානය පෙන්වා දුන්නේ මෙම අයවැය රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පමණක් නොව සමස්ත රටවැසියා වෙනුවෙන් ඉදිරිපත් කළ ආර්ථික හැරවුම් ලක්ෂ්‍යයක් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වේ.