මන්නාරමේදී නීතිවිරෝධී කජු කිලෝ 661ක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට
මන්නාරම සවුත්බාර් කලපුවේදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ කජු මද කිලෝ 661කට වැඩි ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
මන්නාරම සවුත්බාර් කලපුවේදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ කජු මද කිලෝ 661කට වැඩි ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
දූෂණයට එරෙහි සටන ශක්තිමත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් කොළඹදී අත්සන් කරන ලදී.
සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ව්‍යාපෘති විමර්ශනයක් වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි රෝහිත රාජපක්ෂ මහතා, තමන්ට කිසිදු වංචා චෝදනාවක් නොමැති බව පවසයි.
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රඳවා සිටින සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබේ.
රතු සහ නිල් වරෙන්තු මත මෙරටට ගෙන්වා ගත් අපරාධකරුවන්ගේ පාපොච්චාරණවලින්, සිරමැදිරියක සිටින පාතාල සාමාජිකයෙකු දේශපාලන පක්ෂයක පුද්ගලයෙකුට 68 වතාවක් කතා කර ඇති බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
යාපනය වැල්වැටිතුරෙයිහි පිහිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්රභාකරන්ගේ නිවසේදී ඔහුගේ 72 වන උපන්දිනය වෙනුවෙන් කේක් කපා සැමරීමක් සිදු කර ඇත.
කොළඹ සිට හැටන් බලා ගමන් කළ බස් රථයකදී මගියෙකුගේ මුදල් පසුම්බිය සොරාගෙන ATM කාඩ්පතින් භාණ්ඩ මිලදී ගත් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.
චීන රජයට අවශ්‍යව සිට මෙරට සැඟවී සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඊයේ (26) රාත්‍රියේ යළි චීනය වෙත පිටුවහල් කර තිබේ.
සේවයේ යෙදී සිටියදී ටී-56 ගිනි අවියක් සොරකම් කර සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට විකුණා ඩුබායි වෙත පලාගිය ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනට රැගෙන එන ලදී.
අනුරාධපුර රුවන්වැලි මහ සෑය අසල පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් රඳවා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
දොන්ග්රී දකුණු දෙසින් පිහිටි ජාත්‍යන්තර මුහුදු තීරයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාවේ සිට එවන ලද පාර්සල් තුනක සඟවා තිබූ රුපියල් මිලියන 181කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෂීස් කිලෝග්‍රෑම් 18කට වැඩි ප්‍රමාණයක් පැලියගොඩ රේගු ගබඩාවෙන් සොයාගෙන ඇත.
ව්‍යාජ අන්තර්ජාල බැංකු වෙබ් අඩවියක් නිර්මාණය කර පාරිභෝගිකයෙකුගේ ගිණුමෙන් රුපියල් මිලියනයක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එප්පාවල ගල්මඩුව ප්‍රදේශයේදී මවක් තියුණු ආයුධයකින් ඝාතනය කර පලා යමින් සිටි සැකකරු වල් ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
රත්ගම බූස්ස ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක තිබී වෙඩි තබා ඝාතනය කරන ලද හිටපු හමුදා කමාන්ඩෝ මේජර්වරයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 2,982 කට වැඩි ප්‍රමාණයක් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමර සම්පත් දසනායක සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා දෙසැම්බර් 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
යාපනයේ අතුරුදන්වීම් සිද්ධියකට අදාළ නඩුවක් සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණියේය.
මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ පෙත්සම ලබන 11 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් කඩ කරමින් කටයුතු කිරීම නිසා සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වේ.
නඩු තීන්දුවක් ලබා දීම වෙනුවෙන් අල්ලස් ලබාගත් බවට චෝදනා ලැබූ කොළඹ උතුර කාති අධිකරණයේ විනිසුරුවරයෙකු සහ කාන්තාවක් ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.