හෝමාගම ප්‍රදේශ සභා මාසික මහ රැස්වීමේදී තේ පාන විරාමයකින් පසු අසුන් වෙත පැමිණි විපක්ෂ මන්ත්‍රීවරුන්ට තේමා ගීතයේ මුද්‍රිත පිටපත අහිමි වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

රටේ උද්ධමනය පාලනය කිරීමට අපොහොසත් වීම සහ අත්තනෝමතික ලෙස වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වහාම ඉල්ලා අස්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.

අධික ලෙස සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ ගණිතය, භාෂාව සහ කියවීමේ කුසලතා පිරිහීමට ලක්විය හැකි බව මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා අනතුරු අඟවයි.

චීනයේ ප්රමුඛ පෙළේ Deli සන්නාමය ශ්‍රී ලංකාවේ තාක්ෂණික සමාගමක් වන Assidua Technologies සමඟ අත්වැල් බැඳගෙන ඇත.

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා 2019 වසරේ තමන් විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය.
මාධ්‍ය 3ක් වාර්තා කළා
ඉන්දියාවේ වරාය සංවර්ධන කටයුතු වේගවත් වීමත් සමඟ කොළඹ වරාය මුහුණ දෙන අභියෝග සහ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කරුණු අනාවරණය කළේය.

ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ කළ බවට වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.
මාධ්‍ය 5ක් වාර්තා කළා

රුපියල් මිලියන 3.1කට අධික අතිකාල දීමනා වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රඳවා සිටින සමගි ජන බලවේගයේ විධායක සභික අනන්ද පාලිත දෙසැම්බර් 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මාධ්‍ය 3ක් වාර්තා කළා

කොළොන්නාව අයි.ඩී.එච්. මාර්ගයේ පිහිටි දෘඩාංග වෙළඳසැලක් තුළදී මවකට සහ 20 හැවිරිදි පුත්‍රයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලය ආසන්නයේ දී බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මාධ්‍ය 2ක් වාර්තා කළා

කොළඹ රාජ්‍ය විද්‍යාලය ආසන්නයේ දී බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

වාහන හා සේවක හිඟයක් හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශයේ කසළ එකතු කිරීම සහ කාණු පද්ධති පවත්වාගෙන යාම බරපතළ ලෙස ඇනහිට තිබේ.

කොළඹ නගරයේ නිතර ඇති වන ගංවතුර තත්ත්වයට මුහුණ දීම සඳහා හදිසි ආපදා සේවා මත පමණක් නොපිහිටා, ක්‍රමානුකූල ජල කළමනාකරණ ක්‍රමවේදයක් අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ කමිටු අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
උත්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් හා වැඩි මිලකින් තොරව පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දක්වා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.

2027 සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් රාජ්‍ය වියදම් කළමනාකරණය සහ සැලසුම්කරණය විධිමත් කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවාව ලෙස විද්‍යුත් සංචලන හා බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මාධ්‍ය 2ක් වාර්තා කළා

පසුගිය වසරවල ආර්ථික අර්බුදයෙන් රට ගැලවුණද දළ දේශීය නිෂ්පාදිතය තවමත් 2018 වසරටත් වඩා පහළ මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා රථ ගාලේදී සැකකටයුතු ඇත්මුතු දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාධ්‍ය 2ක් වාර්තා කළා