දිස්ත්‍රික්ක

ගම්පහ පුවත්

24° වලාකුළු සහිත

උපරිම 32° · අවම 24° · වැසි ඉඩ 100%

අධ්‍යාපනයට අයවැයෙන් සියයට හයක් වෙන් කරන්නැයි දූඩ්ලි සිරිසේන ඉල්ලයි

රටේ අනාගතය රැක ගැනීම සඳහා ආණ්ඩුපක්ෂය හා විපක්ෂය එකඟ වී අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක ප්‍රතිශතයක් වෙන් කරන ලෙස දූඩ්ලි සිරිසේන මහතා ඉල්ලා සිටියි.

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අභිනව හදිසි ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන සියයට හයක් දක්වා ඉහළ නංවන්න - ඩඩ්ලි සිරිසේන

අධ්‍යාපනයට දැනට වෙන් කෙරෙන සියයට දෙකක ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් එය සියයට හයක් දක්වා වැඩි කළ යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

චීනයට අවශ්‍යව සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු කටුනායකින් පිටුවහල් කෙරේ

චීන රජයට අවශ්‍යව සිට මෙරට සැඟවී සිටි චීන ජාතිකයන් පස්දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඊයේ (26) රාත්‍රියේ යළි චීනය වෙත පිටුවහල් කර තිබේ.

පැලියගොඩ රේගු ගබඩාවෙන් රුපියල් මිලියන 181කට අධික හෂීස් තොගයක් අල්ලා ගනී

මැලේසියාවේ සිට එවන ලද පාර්සල් තුනක සඟවා තිබූ රුපියල් මිලියන 181කට වඩා වැඩි වටිනාකමකින් යුත් හෂීස් කිලෝග්‍රෑම් 18කට වැඩි ප්‍රමාණයක් පැලියගොඩ රේගු ගබඩාවෙන් සොයාගෙන ඇත.

මාධ්‍ය 2ක් වාර්තා කළා

ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් මගින් රුපියල් මිලියනයක මුදලක් සොරකම් කළ තරුණයෙක් අත්අඩංගට

ව්‍යාජ අන්තර්ජාල බැංකු වෙබ් අඩවියක් නිර්මාණය කර පාරිභෝගිකයෙකුගේ ගිණුමෙන් රුපියල් මිලියනයක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍ය 6ක් වාර්තා කළා

රුසියානු අභිචෝදක ජෙනරාල් නිල සංචාරයක් සඳහා කටුනායකට පැමිණෙයි

රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ගුට්සාන් ඇලෙක්සැන්ඩර් මහතා ඇතුළු 22 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් විශේෂ ගුවන් යානයකින් දිවයිනට ළඟා විය.

මාධ්‍ය 5ක් වාර්තා කළා

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය 35 වැනි සංවත්සරය සමරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 35 වැනි සංවත්සරයට සමගාමීව ප්‍රධාන පරිශ්‍රයේ සිට රාගම මණ්ඩපය දක්වා පාපැදි සවාරියක් සංවිධානය කෙරිණි.

කඳාන ගනේගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කඳාන පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සතු කරගෙන සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නිවස විකුණා මුදල් නොදුන් පියාට උරණ වූ පුතා නිවසට ගිනි තබයි

මත්ද්‍රව්‍ය සඳහා නිවස විකුණා මුදල් දීමට පියා අրաභාවය පළ කිරීම හේතුවෙන් 25 හැවිරිදි පුත්‍රයෙකු විසින් නිවසට ගිනි තබා පළාගොස් තිබේ.

උණුසුම් පුවතදේශීයගම්පහ

පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙති

ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති පූජ්‍ය කැටවල හේමාලෝක නාහිමියෝ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අපවත් වී ඇත.

ක්ෂුද්‍ර හා සුළු ව්‍යවසායකයින් නංවන්න අයවැයෙන් විශේෂ සහන – ඇමති ක්‍රිෂාන්ත අබේසේන

රටේ ආර්ථිකය නංවාලීම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට මෙවර අයවැයෙන් විශේෂ සහන ලබාදී ඇති බව අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

ජෙන්ටල්මන් එක්ස් තරගාවලියට සහභාගී වීමට භාතිය සමරවීර තායිලන්තයට පිටත්ව යයි

තායිලන්තයේ පැවැත්වෙන ප්‍රථම ජෙන්ටල්මන් එක්ස් පිරිමි සුපිරි නිරූපණ ශිල්පී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් භාතිය සමරවීර මහතා කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනෙන් පිටත්ව ගියේය.

දිවුලපිටියේ ගිනිගත් විද්‍යුත් අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ බලපත්‍රය අත්හිටුවයි

දිවුලපිටිය වැවගෙදර ප්‍රදේශයේදී මෑතකදී ගින්නකට ලක්වූ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මාධ්‍ය 2ක් වාර්තා කළා

දිවුලපිටියේදී වාහන ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී වාහන ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ වාහන පහක් පොලිස් භාරයට ගෙන තිබේ.

කොටදෙනියාවේදී කහ පැහැති සිලින්ඩර නිල් පාට කර වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

කහ පැහැති හිස් ගෑස් සිලින්ඩර නිල් පාට ගල්වා ලිට්‍රෝ සිලින්ඩර ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙක් කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍ය 3ක් වාර්තා කළා

නීති විරෝධී මත්පැන් බෝතල් සියයකට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පූගොඩ පට්ටියගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමග 48 හැවිරිදි පුද්ගලයෙකු වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජපාන-ඉන්දියා ආර්ථික කොරිඩෝව යටතේ ශ්‍රී ලංකාව අපනයන මධ්‍යස්ථානයක් ලෙස සලකයි

ජපාන තානාපතිවරයා බියගම අපනයන සැකසුම් කලාපයේ සංචාරයක නිරත වූ අතර, ශ්‍රී ලංකාව කලාපීය අපනයන නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවට 2026 වසරේ දෙමිලියන වැනි සංචාරකයා පැමිණේ

2026 වසරේ දෙමිලියන වැනි සංචාරකයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අතර, අඛණ්ඩව තෙවන වසරටත් ශ්‍රී ලංකාව සංචාරකයින් මිලියන දෙකේ සීමාව පසු කර ඇත.

මාධ්‍ය 2ක් වාර්තා කළා

සීදූව වෘත්තීය පුහුණු ආයතන නේවාසිකාගාරයේ හටගත් ගින්න පාලනය කෙරේ

සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ වෘත්තීය පුහුණු ආයතනයක ආබාධිත සිසුන් රැඳී සිටි නේවාසිකාගාරයේ හදිසි ගින්නක් ඇති වී තිබේ.

කැලණි ගඟේ ගංවතුර අවදානම පාලනයට ඔලියමුල්ල පොම්පාගාරයට කැබිනට් අනුමැතිය

මුදුන් ඇළ ජල පෝෂක ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා රුපියල් බිලියන 5.96 ක වියදමින් ඔලියමුල්ල පොම්පාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගම්පහ පුවත් | නිව්ස්ලංකා