ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම B-/B මට්ටම දක්වා ඉහළ නංවයි
රජයේ ආදායම වර්ධනය වීම සහ විදේශ සංචිත ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් B-/B දක්වා ඉහළ නැංවීමට S&P Global Ratings ආයතනය පියවර ගෙන තිබේ.
රජයේ ආදායම වර්ධනය වීම සහ විදේශ සංචිත ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් B-/B දක්වා ඉහළ නැංවීමට S&P Global Ratings ආයතනය පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ නවතම නාවික සේවා සම්බන්ධතා දර්ශකයට අනුව, කොළඹ වරාය ලෝකයේ හොඳම බහාලු වරායන් විසි අතරට ඇතුළී ඇත.
දිවයිනේ පැෂන් අගුරු වගාවන් සඳහා අක්කරයකට රුපියල් 387,000 ක රක්ෂණ ආවරණයක් ලබා දීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇත.
නොවැම්බර් 30 වැනි දිනට පෙර ආදායම් බදු වාර්තා ලබා නොදෙන පුද්ගලයන්ට රුපියල් 50,000 සිට 400,000 දක්වා දඩ මුදලකට යටත් වීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නංවා විදේශ ආනයන මත යැපීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර අමෙරිකානු ඩොලර් 536,046 ක තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම වසරේ මුල් මාස නවය තුළ ආනයන වියදම් ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් බිලියන 7.91ක් දක්වා පුළුල් වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
ඉන්දීය ජාතිකයින් බහුතරයක් ඇතුළත් සංචාරකයින් 1,600ක් සමඟ කෝඩීලියා එම්ප්‍රස් නෞකාව අද කොළඹ වරායට පැමිණියේය.
2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් HNB FINANCE සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 106.67ක් දක්වා වර්ධනය වී තිබේ.
ටොයොටා සහ හොන්ඩා ඇතුළු ප්රමුඛ පෙළේ ජපන් වාහන නිෂ්පාදකයින් 14 දෙනෙකු චීන තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා උපාංග ප්‍රමිතිගත කිරීමට එකඟ වී තිබේ.
මෙම වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම සියයට 5.50කින් පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළඳ වටිනාකම් දාමයන්ට සම්බන්ධ වීම ප්‍රමාද වී ඇති බැවින්, ආර්ථික ප්‍රතිසාධනය පවත්වා ගැනීමට කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ආසියා සංවර්ධන බැංකුව පවසයි.
රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් වෙළඳපල ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීම අර්ථශාස්ත්රඥයින්ගේ වගකීමක් බව ලෝක බැංකු ප්‍රධාන අර්ථශාස්ත්රඥ ආචාර්ය හර්ෂ අතුරුගිරිය පවසයි.
අනාගත ආර්ථික අභියෝග ජය ගැනීමට නම් වෙළඳ ගිවිසුම්වලට පමණක් සීමා නොවී දේශීය කර්මාන්තවල තරඟකාරීත්වය සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතු බවට විශේෂඥයෝ අනතුරු අඟවති.
මහනුවර මැදදුම්බර කුඩා ජල විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කරන ෆෝල්කන් වැලි හයිඩ්‍රෝ ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ සවිබල පුවරුවේ ලැයිස්තුගත කිරීම සනිටුහන් කළේය.
යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියේ තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ස්වදේශික කිතුල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවසායකයින්ට නව වෙළඳපල අවස්ථා ලබා දීමේ අරමුණින් කිතුල් එක්ස්පෝ 2026 ප්‍රදර්ශනය කොළඹදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගමක් වන හෙයිලිස් ෆෙන්ටන්ස්, ඉදිරි වසර කිහිපය තුළ සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය හරහා මෙගාවොට් 410ක ධාරිතාවක් එකතු කිරීමට අපේක්ෂා කරයි.
විදේශීය ආධාර සහ ණය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීමට අපොහොසත් වීම හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සහ ආයෝජකයින් ප්‍රධාන උද්ධමන දත්ත දෙස බලා සිටීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගොස් තිබේ.
මෙම වසරේ මුල් මාස දහය තුළ ඉන්දියාව වෙත සිදුකළ අපනයන ඉහළ යෑමත් සමඟ, බ්‍රිතාන්‍යය අභිබවා ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපොළ ලෙස ඉන්දියාව සිය ස්ථානය රඳවා ගෙන ඇත.