ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 15ක ආදායම් ඉලක්කයට ආසන්න වෙයි
වත්මන් වසර සඳහා වන රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්කයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් කරා ළඟා වීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
වත්මන් වසර සඳහා වන රුපියල් මිලියන 15,000ක ආදායම් ඉලක්කයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් කරා ළඟා වීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
අයහපත් කාලගුණය සහ ජාත්‍යන්තර අර්බුද හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට තේ අපනයන පරිමාව 7%කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
රටේ වී නිෂ්පාදනය අධික වීම නිසා ඇති වී තිබෙන අර්බුදය හමුවේ, වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් තුනෙන් එකක්වත් අඩු කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිඟ මුදල් කප්පාදුවක් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අවදානමක පසුවන බවට ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.
දෙමළ නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේගේ නායකත්වයෙන් යුත් රජය සිය පළමු දින 200 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 18.7ක ආයෝජන අපේක්ෂා තහවුරු කර ගෙන තිබේ.
ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා ජනවාරි මාසයේ ආනයනය කරන ලද බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,000 ක තොගයක් නිසි අවසර පත්‍ර නොමැතිකම නිසා වරායේ රඳවාගෙන තිබේ.
පිටරටින් ලාභ තේ ආනයනය කිරීම හේතුවෙන් ලංකාවේ වතු ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් ඇති බව වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.
ආදායම් බදු ප්‍රතිලාභ නොවැම්බර් 30 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට අපොහොසත් වන බදු ගෙවන්නන්ට රුපියල් 50,000 සිට 400,000 දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ෂැංහයි නුවර පැවති 9 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රටක් ලෙස ශ්‍රී ලංකාව සහභාගී වූ අතර, එය මෙරට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමට මහත් පිටුවහලක් විය.
ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා බදු සහන දීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ආයෝජකයන්ට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළ ඉඩම් අක්කර 7,200ක් පෞද්ගලික අංශයට බදු පදනම මත ලබා දීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රකාශ වන අගයන් සහ මෙරටට ඇතුළු වන සැබෑ ප්‍රාග්ධනය අතර පැහැදිලි පරතරයක් පවතින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුව අතර පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විය.
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අරමුණින් 2027 වසරේදී විදුලි පාරිභෝගිකයින් තුන් ලක්ෂයකට නොමිලේ ස්මාර්ට් මීටර් ලබා දීමට යෝජනා කර ඇත.
ඉන්දියාවේ ඖෂධ අපනයන ආදායම 2026-27 මූල්‍ය වර්ෂය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 33 ඉක්මවා යනු ඇතැයි ඖෂධ අපනයන ප්‍රවර්ධන කවුන්සිලය පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය වීම සඳහා ඔපෙක් අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රී ලංකා රේගුව නවීකරණය කිරීම සහ වෙළඳ පහසුකම් පුළුල් කිරීම අරමුණු කර ගනිමින් බ්‍රිතාන්‍ය රේගුව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මධ්‍යම බැංකු දත්ත වලට අනුව අද දින ඇමරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය මඳක් ඉහළ ගොස් තිබේ.
යුරෝපා සංගමය තුළ වාර්ෂිකව ටොන් මිලියන පහක ඇඳුම් ඉවත දමනු ලබන අතර, 2030 වන විට වඩාත් කල් පවතින හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඇඳුම් වෙළඳපොළට ගෙන ඒමට යුරෝපා කොමිසම බලාපොරොත්තු වේ.
චීනය සහ යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් රැසකට බලපාන පරිදි නව ආනයනික බදු මාලාවක් හැඳින්වීමට ඇමරිකාව සූදානම් වේ.
බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන්ගේ අවම මාසික වැටුප සියයට 36කින් ඉහළ නංවා ඇති අතර, එය පසුගිය දශකයකට වැඩි කාලයක් තුළ වාර්තා වූ අවම වැටුප් වැඩිවීම වෙයි.