හැටන් වෙළදසැලකින් ලක්ෂ දහයක් සොරාගත් අයුරු සීසීටීවී කැමරාවක සටහන් වෙයි
හැටන් එම්.ආර්. නගරයේ නිමි ඇඳුම් වෙළඳසැලක අගුලු කඩා රුපියල් ලක්ෂ දහයක මුදලක් සොරාගෙන ඇති අතර, සැකකරු අඩංගු දර්ශන සීසීටීවී කැමරාවක පටිගත වී තිබේ.
හැටන් එම්.ආර්. නගරයේ නිමි ඇඳුම් වෙළඳසැලක අගුලු කඩා රුපියල් ලක්ෂ දහයක මුදලක් සොරාගෙන ඇති අතර, සැකකරු අඩංගු දර්ශන සීසීටීවී කැමරාවක පටිගත වී තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන්නේද යන්න සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
වැවිලි ආයෝජන ව්‍යාපෘති හරහා රුපියල් බිලියන හතරකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලික සමාගමක තවත් අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු අනාවරණය කරයි.
2016 වසරේ සිට නොගෙවා පැහැර හරින ලද රුපියල් කෝටි 104ක වැට් බදු මුදල කඩිනමින් ගෙවා නිම කිරීමට කොළඹ මහ නගර සභාව අධිකරණයේදී එකඟ වී තිබේ.
අයථා ලෙස වත්කම් උපයාගත් බවට වන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාට ලබන 30 වැනි සඳුදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
රათගම, මලිදුව ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් තුළ තිබී වෙඩි ප්‍රහාරයකින් මියගිය බවට සැකකෙරෙන නාඳුනන පිරිමි මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන අයැදුම්පතක නියෝගය පෙබරවාරි 19 වැනි දින ප්‍රකාශ කිරීමට නියමිතය.
වලංගු විසා බලපත්‍රයක් නොමැතිව දිවයිනේ රැඳී සිටි බවට එල්ල වූ චෝදනාවකට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධික හමුවේ වරද පිළිගත්තාය.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට ටී-56 ගිනිඅවියක් අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා දකුණු දිසා අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
ආගමික සහජීවනයට හානිකර ප්‍රකාශ කළ බවට වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය.
රුපියල් මිලියන 3.1කට අධික අතිකාල දීමනා වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රඳවා සිටින සමගි ජන බලවේගයේ විධායක සභික අනන්ද පාලිත දෙසැම්බර් 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළොන්නාව අයි.ඩී.එච්. මාර්ගයේ පිහිටි දෘඩාංග වෙළඳසැලක් තුළදී මවකට සහ 20 හැවිරිදි පුත්‍රයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර ඇත.
කොළඹ රාජකීය විද්‍යාලය ආසන්නයේ දී බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
පිටිගල ගොඩාමුණ ප්‍රදේශයේ නිවෙස්වලින් රුපියල් ලක්ෂ විසි එකක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ විශ්‍රාමික යුද හමුදා කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කඳාන පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සතු කරගෙන සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල මහාධිකරණය විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා රථ ගාලේදී සැකකටයුතු ඇත්මුතු දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ඊයේ දින තුළ පමණක් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1500කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගු බදු ගෙවීමෙන් තොරව මෙරටට ගෙනවිත් එකලස් කරන ලද බව කියන ජීප් රථයක් බණ්ඩාරවෙලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.