කාලගුණය

හැටන් ලොතස් වතුයායේ නිවාස මතට පස් කඳු කඩා වැටීමෙන් අයෙකු රෝහලේ

හැටන් ලොතස් වතුයායේ නිවාස තුනක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් අයෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

උණුසුම් පුවතකාලගුණයමහනුවර

අධික වැසි නිසා ගම්පොළ අංගම්මන පාලම ඔයට කඩා වැටේ

අධික වර්ෂාවත් සමඟ ගලා ගිය ජල පහරකට හසුවී ගම්පොළ අංගම්මන මාර්ගයේ පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීම නිසා ප්‍රදේශයේ පවුල් 800කට අධික පිරිසකගේ ගමනාගමනය ඇණහිට තිබේ.

පැවැවෙන අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

දිවයිනට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගිං ගඟ සහ නිල්වලා ගඟ ඇතුළු ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නව කාලගුණ තත්ත්වයත් සමඟ නායයෑම් අවදානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනට බලපාන නව කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

ලුණුගම්වෙහෙර සහ මව් ආර ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලුණුගම්වෙහෙර සහ මව් ආර ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.

මාධ්‍ය 3ක් වාර්තා කළා

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවන වැසි වැටිය හැකි බවට අනතුරු අඟවයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය 2ක් වාර්තා කළා