චෙම්මනි මිනීවළ විමර්ශන අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මකව සිදු කරයි
යාපනය චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් පවත්වන කැණීම් සහ විමර්ශන කටයුතු පූර්ණ අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මකව ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

තත්පර 60කින්
- චෙම්මනි මිනීවළෙන් මේ වන විට පුද්ගලයින් 574 දෙනෙකුගේ පමණ අස්ථි කොටස් සොයාගෙන ඇත.
- මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් සහ අධිකරණ අධීක්ෂණය යටතේ කැණීම් ක්‍රියාත්මක වේ.
- අවශ්‍ය වුවහොත් DNA පරීක්ෂණ සඳහා සාම්පල විදේශගත කිරීමට රජය සූදානම් බව අමාත්‍යවරයා පැවසීය.
මෙම පුවත වර්ධනය වූ ආකාරය
චෙම්මනි වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
ඔබ කියවන්නේ චෙම්මනි මිනීවළ විමර්ශන අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මකව සිදු කරයි
යාපනය, චෙම්මනි සමූහ මිනීවළ ආශ්‍රිතව ක්‍රියාත්මක වන කැණීම් සහ පරීක්ෂණ කටයුතු පූර්ණ අධිකරණ අධීක්ෂණය මත විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව සිදු කෙරෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙම සමූහ මිනීවළෙහි අදියර කිහිපයක් යටතේ සිදු කළ කැණීම්වලින් මේ වන විට දළ වශයෙන් පුද්ගලයින් 574 දෙනෙකුගේ අස්ථි කොටස් සොයාගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත්වරයා, පාර්ශ්වකරුවන් නියෝජනය කරන නීතිඥවරුන්, යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතියි. තවද, 2025 අප්‍රේල් 29 වන දිනැති අධිකරණ අනුමැතියට අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ද මෙහි නිරීක්ෂකයෙකු ලෙස සක්‍රීයව දායක වී සිටියි.
මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ඉදිරිපත් කර ඇත්තේ අස්ථි කොටස් වළ දමා ඇති පුරාවිද්‍යාත්මක සන්දර්භය පිළිබඳ අධිකරණ පුරාවිද්‍යාත්මක වාර්තාවක් මිස මරණයට හේතුව දැක්වෙන අධිකරණ වෛද්‍ය වාර්තාවක් නොවන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළා. මරණයට හේතුව සහ මරණය සිදු වූ ආකාරය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව සකස් කිරීමේ කටයුතු මහේස්ත්‍රාත් නියෝග මත යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රනවන් මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.
මෙරට තුළ උසස් DNA විශ්ලේෂණ පහසුකම් නොමැති බැවින්, අධිකරණය විසින් නියෝග කරනු ලබන සුදුසු අවස්ථාවේදී මිනිස් අස්ථි කොටස් හඳුනා ගැනීම සඳහා සාම්පල විදේශගත කිරීමට සහ ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට රජය සම්පූර්ණයෙන්ම විවෘතව සිටින බව අමාත්‍යවරයා තහවුරු කළා. රජයේ එකම අරමුණ විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව සත්‍යය සොයා ගැනීම සහ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම බවත්, ජාතිය, ආගම හෝ කුලය නොසලකා මෙම සංවේදී කරුණ දේශපාලනීකරණය නොකරන ලෙසත් ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා.
මූලාශ්‍ර
මෙම ලිපිය පහත ආයතනවල වාර්තා මත පදනම්ව නිව්ස්ලංකා කර්තෘ මණ්ඩලය විසින් නැවත ලියන ලදී.
- ITN News
