වරප්‍රසාද අත්හැර ලක්ෂ 88ක් භාණ්ඩාගාරයට දුන්නා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි
නීත්‍යනුකූලව හිමිව තිබූ වරප්‍රසාද කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්ෂ 88.7 කට අධික මුදලක් යළි මහා භාණ්ඩාගාරයට ලබා දුන් බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තත්පර 60කින්
- රුපියල් ලක්ෂ 88.7 කට වැඩි මුදලක් භාණ්ඩාගාරයට ලබා දී ඇත.
- ලෑන්ඩ් කෲසර් රථය සහ මාසික ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කර ඇත.
- ජාතික තනි කවුළු වේදිකාව 2027 වන විට ක්‍රියාත්මක කෙරේ.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ තමන්ට හිමිව තිබූ ලෑන්ඩ් කෲසර් රථය, පෞද්ගලික රියැදුරු සහ මාසික ඉන්ධන දීමනාව අත්හැර දැමූ බවයි. අයවැය කාරක සභා අවස්ථා විවාදයට එකතු වෙමින් ඔහු පැවසුවේ, මහජන මුදල් අවභාවිතයෙන් තොර ආදර්ශමත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බවයි.
පසුගිය පාලන සමයන්හි ක්‍රියාත්මක වූ ක්‍රමවේද විවේචනය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් එකවර ඉන්ධන දීමනා ලබාගැනීමේ ක්‍රමයක් පැවති බව සිහිපත් කළේය. එම අනවශ්‍ය දීමනා සහ සංචාරක වියදම් ඉතිරි කරමින් මෙම මුදම රටේ ආර්ථිකය වෙනුවෙන් භාණ්ඩාගාරයට බැරකළ බව හෙතෙම කියා සිටියේය.
මෙහිදී දේශපාලන සංස්කෘතිය පිළිබඳව අදහස් දැක්වූ හෙතෙම, දූෂණ චෝදනා ලබා බන්ධනාගාරගත වන ඇතැම් දේශපාලනඥයන් තමන් නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන්ට සමාන කරගැනීම හාස්‍යජනක බව සඳහන් කළේය. මැන්ඩෙලා සිරබත් කෑවේ මහජන ධනය සොරකම් කර නොව ජනතාව වෙනුවෙන් කළ අරගල නිසා බව ඔහු අවධාරණය කළේය.
රටේ ආර්ථික සංවර්ධනය සහ අපනයනකරුවන් මුහුණපාන බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු දැක්වීය. අපනයනකරුවන් මුහුණ දෙන නිලධාරිවාදී බාධා ඉවත් කිරීම සඳහා වන 'ජාතික තනි කවුළු වේදිකාව' 2027 වසර වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ද අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මූලාශ්‍ර
මෙම ලිපිය පහත ආයතනවල වාර්තා මත පදනම්ව නිව්ස්ලංකා කර්තෘ මණ්ඩලය විසින් නැවත ලියන ලදී.
- Lanka C News
