පෝෂණ ගැටලු විසඳීමට දේශීයව ඉරිඟු නිෂ්පාදනය කිරීමට රජයේ අවධානය
මස් සහ බිත්තර මිල අඩු කිරීම සඳහා දේශීයව ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ආනයන මත යැපීම අවම කිරීමට රජය සැලසුම් කර ඇත.
මස් සහ බිත්තර මිල අඩු කිරීම සඳහා දේශීයව ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ආනයන මත යැපීම අවම කිරීමට රජය සැලසුම් කර ඇත.
වාහන ගෙන්වීමට අවසර දී තිබියදීත් ජංගම ගිණුමේ හිඟය ධනාත්මක අගයකට හැරවීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කොළඹදී පැවසීය.
කොළඹ වරාය නගරයේ ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාරයක් ලෙස ප්‍රයිම් මෙල්වා සමාගම නම් කිරීමේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම 'AA(lka)' දක්වා ඉහළ නංවා ඇති බව ෆිච් රේටිංස් ආයතනය නිවේදනය කරයි.
2027 අයවැය මගින් නිෂ්පාදන ආර්ථිකයට සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙත ලබා දී ඇති අවධානය ලංකා කාර්මික මණ්ඩලය අගය කර ඇති අතර, කාර්මික පිරිවැය සහන සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ඉල්ලා සිටී.
මෙරට ගැඹුරු මුහුදු මසුන් අස්වනු නෙළා ගැනීම සඳහා නව යාත්‍රා පහක් ලබන පෙබරවාරි මාසයේ සිට යෙදවීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
නොවැම්බර් මැද වන විට රුපියල් බිලියන 2,441.9ක බදු ආදායමක් එකතු කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ඉලක්කය ඉක්මවා ගොස් ඇත.
ඇමරිකාවේ ඉන්ධන සංචිත ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටුණද, මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය නොසන්සුන්තාව නිසා එම අඩුවීම සීමා විය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව නොවැම්බර් මස පළමු සතිය තුළ සංචාරකයින් එක්ලක්ෂ දෙකකට අධික පිරිසක් පැමිණ තිබේ.
සංචාරක ක්ෂේත්‍රයේ ද්විත්ව බදුකරණයට මුහුණ දී සිටි ව්‍යාපාරිකයන්ට සහන සලසමින් සංචාරක සංවර්ධන බද්ද ඉවත් කිරීමට මෙවර අයවැයෙන් පියවර ගත් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහත වැටීමත් සමඟ මෙරට වෙළෙඳපොළේ ද රන් මිල ගණන් පහළ ගොස් තිබේ.
පරිසර හිතකාමී සහ කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කළ ආයතන 114ක් ජාතික හරිත නිෂ්පාදන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකා ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අභියෝගවලින් මුදාගැනීම සඳහා පුළුල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිගුස්වක්කු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ රාජ්‍ය ආයතන ජාලය කාර්යක්ෂම කිරීමේ පළමු පියවර ලෙස, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට පවරා ඇත.
පාරිභෝගික ජනතාවට සහන මිලට භණ්ඩ ලබා දීමේ අරමුණින් නව සතොස ශාඛා හතරක් ගම්පහ, වටවල, දික්ඔය සහ රිදීගම යන ප්‍රදේශවලදී විවෘත කෙරිණි.
2026 වසරේ මුල් මාස දහය තුළ කොළඹ වරායේ භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාව සියයට 10 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය සහන පැකේජය 2027 මාර්තුවෙන් අවසන් වන බැවින්, ඉන්පසු රටේ ආර්ථිකය දේශීය ආදායම් මත පමණක් පවත්වා ගැනීමට සිදුවන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසයි.
මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 243 කට අධික කොන්ත්‍රාත් ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට රජය අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සම්මේලනය සහ රිච්වින් සමූහය එක්ව 'කූප් ෆිෂ්' නමින් ටින් කළ මාළු නිෂ්පාදන 28ක් සීදූවේදී හඳුන්වා දුන්නේය.
මුදල් අමාත්‍යාංශයේ මධ්‍යකාලීන මූල්‍ය වාර්තාවට අනුව, 2026 වසරේ මුල් මාස හය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,956ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙවර අයවැයෙන් පෞද්ගලික බස් කර්මාන්තය මුළුමනින්ම නොසලකා හැර ඇති බවත්, ලංගම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම බදු මුදල් අයුතු ලෙස භාවිත කිරීමක් බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.