ඩොලර් මිලියන 500ක නාගරික සංවර්ධන ආයෝජන ඉලක්කය අසාර්ථක වෙයි
2026 වසර සඳහා අපේක්ෂිත ඩොලර් මිලියන 500ක විදෙස් ආයෝජන ඉලක්කයෙන් එකදු ඩොලරයක් හෝ ලබා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය අසමත් වී තිබේ.
2026 වසර සඳහා අපේක්ෂිත ඩොලර් මිලියන 500ක විදෙස් ආයෝජන ඉලක්කයෙන් එකදු ඩොලරයක් හෝ ලබා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය අසමත් වී තිබේ.
2026 වසරේ දෙමිලියන වැනි සංචාරකයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූ අතර, අඛණ්ඩව තෙවන වසරටත් ශ්‍රී ලංකාව සංචාරකයින් මිලියන දෙකේ සීමාව පසු කර ඇත.
ශ්‍රී ලංකාවේ උක් සහ කිරි කර්මාන්ත නංවාලීම අරමුණු කරමින් බ්‍රසීලය සමඟ නව තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් දෙකකට එළඹ තිබේ.
අයවැය මගින් සිනමාශාලා වැට් බද්ද ගණනය කරන ආකාරය සංශෝධනය කිරීම හේතුවෙන් ඇතැම් සිනමාහල් වැසී යාමේ අවදානමක් පවතින බව චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් වත්කමක් හෝ ගෙවීම් මාධ්‍යයක් ලෙස භාවිත කිරීම නීත්‍යානුකූල නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
සිංගප්පූරු ප්ලැට්ස් දර්ශකයට අනුව ඉන්ධන නැව්ගත කිරීමේ පිරිවැය සහ මෙරට පාරිභෝගිකයාට අලෙවි කරන මිල අතර විශාල පරතරයක් ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක පවසයි.
2027 ජාතික අය-වැය හරහා සිනමා දේශපාලන සහ ආදායම් බදු ගැටළුවලට විසඳුම් ලබා දෙමින්, ටිකට් අලෙවියේ සම්පූර්ණ අගය මත වැට් බදු අය කිරීම වෙනුවට ආදායම් බෙදීයාම මත පදනම්ව බදු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් දත්තවලට අනුව, 2020 සහ 2025 අතර කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 190කට අධික දැවැන්ත පාඩුවක් ලබා ඇත.
ජීපීඑස් සහ චන්ද්‍රිකා දත්ත මත පදනම්ව මත්ස්‍ය සම්පත සොයා ගැනීමේ යෙදුමක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇතත්, බහුදින බෝට්ටු හිමියන් එහි සැබෑ ප්‍රයෝජනවත්භාවය පිළිබඳව ප්‍රශ්න කර සිටියි.
පසුගිය නොවැම්බර් මාසයේදී පොලී අනුපාත ඉහළ නැංවීමට ගත් තීරණයට විරුද්ධ වූ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ ඇතැම් සාමාජිකයන් දැඩි ආර්ථික අවපාතයක් ගැන අනතුරු අඟවා තිබේ.
රාජ්‍ය ආයතන ඩිජිටල් තාක්ෂණයෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින් බදු පැහැර හැරීමට උත්සාහ නොකරන ලෙස ව්‍යවසායකයින්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
රජයේ මූල්‍ය තත්ත්වයන්හි යම් වර්ධනයක් පෙන්නුම් කළ ද, ශ්‍රී ලංකාව තවදුරටත් සැලකිය යුතු මූල්‍ය සහ ණය දුර්වලතාවලට මුහුණ දී සිටින බව ෆිච් රේටින්ස් පවසයි.
රාජ්‍ය අංශයේ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුවන ගැටලු විසඳීමට සහය වීමේ අරමුණින් නව 'Builders Gateway' පහසුකම් ඒකකය කොළඹදී විවෘත කෙරිණි.
ජනප්‍රිය ගුරුවරයෙකු වන ටිසාර ජනනායක මහතා තමාට එල්ල වූ බදු පැහැර හැරීමේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් 2026 වසරේදී පමණක් රුපියල් මිලියන 17කට වඩා බදු ගෙවා ඇති බව අනාවරණ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායමෙන් ණය පොලී ගෙවීම සඳහා වැය වන ප්‍රතිශතය 2022 වසරේ පැවති සියයට 79.1ක මට්ටමේ සිට 2026 වන විට සියයට 44 දක්වා අඩුවී ඇතැයි නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
වත්මන් රජයේ විනිවිදභාවය සහ දූෂණයෙන් තොර පාලනය හේතුවෙන් ජපන් ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ඇරඹීමට ඉහළ උනන්දුවක් දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම සඳහා ආයතනික යාන්ත්‍රණ වේගවත් කිරීමට දෙරටේ නියෝජිතයෝ එකඟ වූහ.
ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හේතුවෙන් පැවැති ගැටලු විසඳී ඇති අතර, මේ වන විට සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කෙරෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියද, පාරිභෝගිකයන්ට බරක් නොදී ගෑස් ලබාදීම සඳහා ලිට්‍රෝ සමාගම මසකට රුපියල් මිලියන 800ක පාඩුවක් දරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වී වගාවට ලබාදෙන පොහොර සහනාධාරය කුඹුරුවල අතිරේක බෝග වගා කරන ගොවීන්ට ද ලබාදීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
දිවයිනේ බිත්තරයක මිල රුපියල් 42ත් 45ත් අතර අගයකට ඉහළ ගොස් ඇති අතර, මෙම තත්ත්වය ලබන ජනවාරි මස දක්වා පවතිනු ඇතැයි කර්මාන්ත සංගම් පවසයි.