ආපදා සහන නිලධාරීන්ගෙන් සඳුදා සිට වැඩ වර්ජනයක් – සහන සේවා ඇනහිටී
දිගුකාලීන වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිතිය ලබන සඳුදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇත.
දිගුකාලීන වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිතිය ලබන සඳුදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇත.
මියගිය කාවන්තිස්ස ඇත් රජුගේ මතකය සදාකාලික කිරීම සඳහා බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී ජීවමාන ප්‍රමාණයේ පිළිරුවකට මුල්ගල් තබා තිබේ.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් රාජකාරී වෙනත් සේවාවල නිලධාරීන්ට පැවරීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රධානීන් වෙත දන්වා සිටියි.
නකල්ස් ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක් දරුවෙකු ප්‍රසූත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය දැඩි කම්පනය පළ කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ 1996 වසරේ ආරම්භ වූ ලක්හඬ ගුවන් විදුලිය අදට වසර 30ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ 2027 වසරේ සිට දිවයින පුරා මහා පරිමාණ හරිත ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇත.
නකල්ස් ප්‍රදේශයේදී අනාරක්ෂිත ප්‍රසූතියකින් පසු බිළිඳෙකු සමඟ හමුවූ 15 හැවිරිදි දැරියක් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සිය දැඩි කම්පනය පළ කර තිබේ.
අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) කැඳවා තිබේ.
නියමිත සංයුති ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන සකස් නොකිරීම හේතුවෙන් මාලිගාවාඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බින් චුන් ශ්‍රී ලංකා සමාගමට රුපියල් 84,000 ක දඩයක් නියම කර තිබේ.
කොළඹ 03 පිහිටි අවන්හලක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග උල්ලංඝනය කිරීම හේතුවෙන් රුපියල් එක් ලක්ෂයක දඩයකට යටත් කර තිබේ.
අනුරාධපුරයේදී සිදුවූ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත වූ රාජාංගණයේ සද්ධාරතන හිමිට ජනාධිපති ආර්යාව සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දුරකථනයෙන් කතා කර සුවදුක් විමසා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්. කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත විය.
දිවයිනේ ප්‍රසිද්ධ මහ ඇතෙකු වූ කාවන්තිස්ස ඇතාගේ මාසික මතකාවර්ජනය සහ පිං පැමිණවීමේ පිංකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ගල්ගමුව බුදුරුවකන්ද රජමහා විහාරයේ දී පැවැත්වේ.
අලුතින් තෝරාගත් අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවැම්බර් 27 වනදා ආරම්භ වන බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
දිවයින පුරා ක්‍රියාත්මක ජාතික මෙහෙයුම් හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව රාජරට විශ්වවිද්‍යාලය පවසයි.
ප්‍රසිද්ධ අලි ඇතුන් ගැවසෙන තිරප්පනේ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් නීතිවිරෝධී ගිනි අවි, උගුල් සහ පුපුར་ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සහ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙස බල කරමින් හැටන් නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී.
දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය පාලනය කිරීමට අදාළ අංශ කටයුතු කරමින් සිටියි.
අනුරාධපුර පූජා භූමි සංවර්ධනයට යුනෙස්කෝ සංවිධානයේ සහාය හිමිවන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පානදුරේදී පැවසුවා.
සෞදි අරාබියේ සේවය කරන අතරතුර හිඟ වැටුප් හා දීමනා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකුට රුපියල් මිලියන 56.9ක මුදලක් ලබා දී තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලදී අඩි 40 ක කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වූ නමුත් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.