ශ්‍රී ලංකා සහ ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර කොළඹදී විශේෂ සාකච්ඡාවක්
ප්‍රථම BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප්‍රකාශ් නද්දා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී.
ප්‍රථම BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජගත් ප්‍රකාශ් නද්දා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු තිනමක් රුවන්වැලි මහ සෑය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
වනජීවී නිලධාරීන්ට දැනටමත් පවතින බලතල යටතේ හස්ති සේනා මෙහෙයුම ක්‍රියාත්මක කළ හැකි බැවින්, විශේෂ නව නීති සම්පාදනයක් අවශ්‍ය නොවන බව නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
සෞදි අරාබියේ සිරගත කර සිටි ශ්‍රී ලාංකික පුරවැසි අනෝජන් සිවරාසා මහතාට එරෙහිව තිබූ නඩු කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව රජය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී ඩ්‍රෝන ටැක්සි පරීක්ෂණ ගමන අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (11) පැවැත්විණි. එහෙත් සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව අතර ඇති වූ බල සීමා ගැටළුවක් නිසා එය මතභේදයකට තුඩු දුන්නේය.
අනුරාධපුර රඹෑවේදී බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 76 දෙනෙකු තුවාල ලබා ඇත.
නෝටන්බ්‍රිජ් ආතඩිය වතුයායේ කම්බි මන්දකට හසු වී සිටි වැඩුණු කඳුකර කොටියෙකු වනජීවි නිලධාරීන් සහ පොලිසිය එක්ව නිර්වින්දනය කර නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.
රටේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් විශාල ආයෝජනයක් කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්‍රී ලංකාව ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඉංජිනේරුවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කළාය.
සංචාරක වීසා මත විදේශගත වී රැකියා ලබා ගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණ දෙනු ලබන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අවවාදයක් නිකුත් කර තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඓතිහාසික බුද්ධ විහාරයේදී වාර්ෂික කඨින පූජෝත්සවය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
නෙදර්ලන්තයේ රැකියා ලබා දෙන බවට පවසමින් ක්‍රියාත්මක වන ව්‍යාජ බඳවා ගැනීමේ ජාවාරම් සහ ව්‍යාජ සංක්‍රමණ ලිපි සම්බන්ධයෙන් ලන්දේසි තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ජනතාවට දැඩි අවවාදයක් නිකුත් කර තිබේ.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වේ.
සවීදි අරාබි අධිකරණයක් විසින් චෝදනා ලබා සිරගත කර සිටි සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ඇති අතර, ඔහු ඉක්මනින්ම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදමින් පවතී.
ආරක්ෂක අංශ භාරයට ගන්නා මත්ද්‍රව්‍ය තොගවලින් සාම්පලයක් පමණක් නඩුවට තබා ඉතිරිය විනාශ කිරීමට පනතක් සම්මත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
සෞදි අරාබිය සමඟ අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුමකින් 2027 හජ් වන්දනා වාරය සඳහා ශ්‍රී ලංකාවට වන්දනාකරුවන් 3,500ක කෝටාවක් හිමි වී තිබේ.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහ භූමියේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අධිකරණ ගාස්තු සහ දඩ මුදල් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගෙවීම සඳහා යුක්ති සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ මහජන බැංකුව අතර ගිවිසුමක් අත්සන් තබන ලදී.
සෞදි අරාබියේදී මරණ දඬුවමින් නිදහස් වූ යාපනයේ අනෝජන් සිවරාසාගේ මව්පියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය කෘතඥතාව පළ කළහ.
අනුරාධපුර රුවන්වැලි සෑය අසල මාරාන්තික උපවාසයක සහ සත්‍යග්‍රහයක නිරත වූ බාලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් පොලිස් භාරයට ගෙන තිබේ.
වැලිගම ඓතිහාසික කුෂ්ටරාජගල ප්‍රතිමාව අසල සිදු කෙරෙන ඉදිකිරීම් පිළිබඳ සමාජ මාධ්‍යයේ පැතිරෙන තොරතුරු සම්පූර්ණයෙන්ම වැරදි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ බස් රථ මාර්ග බලපත්‍ර මාසිකව අලුත් කිරීමේ ක්‍රමයට එරෙහිව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ගියේය.