පුත්තලම චිලාව පොලිසියේ විශේෂ කාර්ය බරණ කළ ලකී නම් පොලිස් සුනඛයා මිය යයි
පුපුར་ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව ලැබූ චිලාව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ 'ලකී' නම් පොලිස් සුනඛයා අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
පුපුར་ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව ලැබූ චිලාව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ 'ලකී' නම් පොලිස් සුනඛයා අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජෙන්සන් හුවාං යළි වැඩ භාර ගැනීමත් සමග එම සමාගමේ වෙළෙඳපොළ වටිනාකම දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ශ්‍රී ලංකීය සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් එක්සත් රාජධානියේ සමුද්‍ර ජීව විද්‍යා සංගමයේ ගෞරවනීය අධිසාමාජිකාවක් ලෙස නම් කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ කමිටු අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සහ ඉන්දීය යුද හමුදා ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ‘මිත්‍ර ශක්ති 2026’ දින 14ක පුහුණු අභ්‍යාසය මාදුරුඔය පුහුණු පාසලේදී නිමාවට පත්විය.
උත්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් හා වැඩි මිලකින් තොරව පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
අනිවාර්ය හිජාබයක් නොමැතිව ප්‍රසංගයක ගී ගැයීම නිසා ඉරාන ගායිකාවකට සහ ඇගේ කණ්ඩායමේ සිව්දෙනෙකුට කස පහර 74 බැගින් ලබා දී තිබේ.
කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නොමැති මහවැලි ඉඩම් යළි රජයේ සන්තකයට ගැනීමට තීරණය කර ඇති බව වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සේනාරත් මහතා පවසයි.
මාතලේ මෙතිහක්ක මහින්ද ද්විතීයික විදුහලේ සිසුන් සහ ගුරුවරුන් එක්ව විදුහල්පති සුසන්ත දිසානායක මහතාට අපූරු උපන් දින සැමරුමක් සංවිධානය කර තිබේ.
2035 කාන්තා පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමේ සත්කාරකත්වය එංගලන්තයට හිමිව තිබෙනවා. 2031 තරගාවලිය ඇමරිකාව ඇතුළු රටවල් හතරකට හිමි වී ඇත.
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිය 58 වැනි ජන්ම දිනය සමරයි.
බුලත්කොහුපිටිය දෙදුගල ප්‍රදේශයේදී උගුලකට හසු වී බේරාගත් දිවියා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශාලාවේදී ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු මේ වන විට සුවය ලබමින් සිටී.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 2 දක්වා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.
2027 සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් රාජ්‍ය වියදම් කළමනාකරණය සහ සැලසුම්කරණය විධිමත් කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විස්තීර්ණ ජාතික බැටරි පරීක්ෂණ සේවාව ලෙස විද්‍යුත් සංචලන හා බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කඳාන පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සතු කරගෙන සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරවල ආර්ථික අර්බුදයෙන් රට ගැලවුණද දළ දේශීය නිෂ්පාදිතය තවමත් 2018 වසරටත් වඩා පහළ මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.
කුරුණෑගල මහාධිකරණය විසින් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදට උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
ජාත්‍යන්තර සිංගප්පූරු ප්ලැට්ස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ඉන්ධනවල මූලික පැටවුම් පිරිවැය පහළ ගොස් ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රිකට් මිත්‍රත්වයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ ලෙජන්ඩ්ස් තරගාවලියක් සහ සංචාරක වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා රථ ගාලේදී සැකකටයුතු ඇත්මුතු දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වැඩසටහනකට යන්නේද යන්න තවමත් තීරණය කර නැති අතර, ඒ පිළිබඳ සමාලෝචනය කිරීමට මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව පවසයි.
දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ඊයේ දින තුළ පමණක් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1500කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බවල ගැටීමෙන් තෙල් ටැංකි නෞකා තුනක් ගිනිගෙන විනාශ වී ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.
රජය විසින් තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති හෙට (25) එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සර් නිශාන් კანගරාජා සිය මව්බිම වන යාපනයේ සංචාරයක නිරත වෙමින් ශිෂ්‍ය අරමුදලක් පිහිටුවීමට පියවර ගත්තේය.
ඉන්දීය සිනමාවේ දැවැන්ත ආදායම් වාර්තා තැබූ රාමායණ චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර මිල සියයට 80කින් පමණ අඩු කිරීමට නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. දෛනික ආදායම පහත වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
යෝජිත නව කම්කරු නීති සංශෝධන සම්බන්ධයෙන් දකුණු පළාතේ සේවායෝජකයන්ගේ සහ සේවකයන්ගේ අදහස් ලබාගැනීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිසුන්ට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
ඉන්දියාවේ පවතින එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බවට වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අනතුරු අඟවයි.