ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකත්වයට වසර 71ක් පිරීම සනිටුහන් වෙයි
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වී වසර 71ක් සපිරීම වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් කොළඹදී එළිදක්වන ලදී.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වී වසර 71ක් සපිරීම වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් කොළඹදී එළිදක්වන ලදී.
චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ටැං හොංබෝ, වු යි සහ පාකිස්ථාන ගගනගාමී මුහම්මද් සීෂාන් අලි නම් කර තිබේ.
කල්මුණේ සහ සයින්දමරුදු සඳහා වන පළාත් පාලන ආයතන මැතිවරණය සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස නම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රේගු බදු ගෙවීමෙන් තොරව මෙරටට ගෙනවිත් එකලස් කරන ලද බව කියන ජීප් රථයක් බණ්ඩාරවෙලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ ස්වයං විදේශගතව සිටින බැංගලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා දෙසැම්බර් 16 වැනි දින යළි සිය රටට පැමිණීමට සූදානම් වන බව පවසයි.
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉල්ලීම් ලබාදිය නොහැකි බවට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය එළඹෙන 30 වනදා එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව නිවේදනය කළේය.
අද රාත්‍රියේ දිස්වන සුපිරි සඳ සාමාන්‍ය සඳකට වඩා විශාල ලෙස පෙනෙන බව තාරකා විද්‍යාඥයෝ පවසති.
එංගලන්ත ජාතිකයෙකු ලෙස හඟවමින් කොළඹ සුපිරි රන් ආභරණ වෙළෙඳසැල්වලින් ලක්ෂ 20කට ආසන්න රන් බඩු සොරකම් කළ සැකකරුවෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි ජලය මත යැපුණු ගොවීන් සඳහා සූර්ය පැනල මඟින් ක්‍රියාත්මක වන ජල පොම්ප ලබා දීමට කටයුතු කර තිබේ.
හොලිවුඩ් නළු විල් ස්මිත්ගේ කැලිෆෝනියාහි පිහිටි ඩොලර් මිලියන 42ක වටිනාකමකින් යුත් නිවාස පරිශ්‍රයේ නඩත්තු ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
කොලොන්නාව ප්‍රදේශයේ ඉන්ධන නළ පද්ධති මත අනාරක්ෂිතව ඉදිවී ඇති නිවාස ඉවත් කර එහි පදිංචිකරුවන්ට හේනමුල්ල හේලමුතු සෙවණ නිවාස සංකීර්ණයෙන් නව නිවාස ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
මෙරට ජනතාව දිනකට මත්පැන් සඳහා රුපියල් මිලියන 560කට අධික මුදලක් නාස්ති කරන බවත්, ඉන් වාර්ෂිකව ජීවිත 20,000ක් අහිමි වන බවත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම මෙන්ම සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍ර පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
තුති පිදීමේ දිනය සැමරීම වෙනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නොවැම්බර් 26 සහ 27 යන දිනවල වසා තබන බව නිවේදනය කර තිබේ.
මත්ද්‍රව්‍ය සඳහා නිවස විකුණා මුදල් දීමට පියා අրաභාවය පළ කිරීම හේතුවෙන් 25 හැවිරිදි පුත්‍රයෙකු විසින් නිවසට ගිනි තබා පළාගොස් තිබේ.
පෞද්ගලික මත මත පදනම්ව දස්කම් දක්වන ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
අමරපුර මහා නිකායේ චූලගන්ධි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කරව්ව විජයතිස්ස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පිටිගලදී පැවැත්වේ.
දිස්ත්‍රික්ක විසි හතරකට බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති පූජ්‍ය කැටවල හේමාලෝක නාහිමියෝ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අපවත් වී ඇත.
හික්කඩුව වෙරළ තීරයේ දිය නෑමට ගිය රුසියානු ජාතික යුවළක් ප්‍රබල මුහුදු ජල ප්‍රවාහයකට හසුවී ගසාගෙන යද්දී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ආරක්ෂිතව මුදාගෙන තිබේ.
මෙරට ධීවර කර්මාන්තය නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා වන ජංගම දුරකථන යෙදවුම පුළුල් කිරීමට රුපියල් බිලියනයක් වෙන් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ඇතුළු රටේ ධීවර වරායන් සහ වෙළඳපොළ නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියන 20කට අධික මුදලක් වෙන් කර ඇති බව ධීවර අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය තේමා කරගනිමින් ආර්ථික විද්‍යාඥයින්ගේ 36 වන වාර්ෂික ජාත්‍යන්තර සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ප්‍රවීණ ගායක සෝමතිලක ජයමහ මහතා තමන් ගැයූ ජනප්‍රිය ගීතයක යූ ටියුබ් ආදායමෙන් කොටසක් ගේය පද රචක ප්‍රසන්න චන්දන බණ්ඩාර මහතාට ලබාදීමට කටයුතු කර තිබේ.
පොලිසියේ නම භාවිතා කරමින් නීති විරෝධී ක්‍රියාවලට හෝ අපරාධවලට සම්බන්ධ වන කිසිදු පුද්ගලයෙකුට සහය නොදක්වන බව පොලිස්පතිවරයා අවධාරණය කළේය.
2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ තුන්කොන් එක්දින තරගාවලියක් පවත්වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත.
මොණරාගල බුත්තල යුදගනාව ගෝමින්ද මිණිහෙල ගැමුණු සැදෑතිස් මහා සෑයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව ආරම්භ විය.
ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ නව කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිවන අතර, ගොවි සංවිධාන සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ද ලබා දී ඇත.
ඉදිරි 2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අනුව සංවර්ධන කටයුතුවලට වඩා වැඩි මුදලක් රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා සඳහා වෙන් කර තිබේ.