ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙක් ලබන සතියේ පිටත්ව යයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙන් පැවති දිශානති වැඩසටහනකින් පසු ශ්‍රී ලාංකික සේවකයින් 261 දෙනෙකු නොවැම්බර් 18 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙන් පැවති දිශානති වැඩසටහනකින් පසු ශ්‍රී ලාංකික සේවකයින් 261 දෙනෙකු නොවැම්බර් 18 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.
බදු සමාව සහ පොලී සහන ලබා ගැනීම සඳහා දෙසැම්බර් 2 වැනි දිනට පෙර අයැදුම් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර මතභේදයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
තිරගත කිරීම ආරම්භ කර දින අටක් ඇතුළත ගෝලීය වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 1,000ක ආදායම් සීමාව පසු කිරීමට 'රාමායණ' චිත්‍රපටය සමත්ව ඇත.
බියගම ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ලබාදෙන මූලික සහනවලින් සියයට 95කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ගෙවා ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරා ඇත. සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 749 ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නාවගමුව ප්‍රදේශයේදී කළ වැටලීමකදී රුපියල් මිලියන ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව නිමාවට පත් විය.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 20 දෙනෙක් තුවාල ලබා ඇත.
ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් වරායේදී සංචාරක නෞකාවක් තෙල් ප්‍රවාහන නෞකාවක ගැටීමෙන් 32 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
බංග්ලාදේශ බොක්කේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට ගැඹුරු මුහුදට නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා හැටකින් සමන්විත නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් 2027 අයවැය යෝජනා අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, ඉදිරි ක්‍රියාමාර්ග ලබන 19 වැනිදා තීරණය කිරීමට නියමිතය.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් 161 දෙනෙකු සඳහා ඇසිදිසි ශිෂ්‍යත්ව රුපියල් මිලියන 54.3ක ප්‍රතිපාදන මත අද (14) පිරිනැමේ.
නිකවැරටියේ දිවුල්ලේගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ නීතිවිරෝධී ලෙස නිධන් සෙවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චාවකච්චේරිය නුනාවිල් පේදුරුතුඩුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 51 හැවිරිදි පියා සහ 9 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් බේරුවල ධීවර වරාය තුළ ප්ලාස්ටික් බෝතල් සහ කැළිකසළ එකතුවී දැඩි පරිසර හා සෞඛ්‍ය ගැටලු මතුව තිබේ.
රජයට මුදල් පාඩු කළ බවට හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන සංචාරක ආර්ථිකයන් අතර දසවැනි ස්ථානයට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ව්‍යාජ වීඩියෝ ඇමතුම් සහ අනිෂ්ට මෘදුකාංග භාවිත කරමින් පසුගිය මාස 18 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 400කට අධික ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර ඇති බව ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පවසයි.
අමෙරිකාවේ සිය සේවකයින් 600 දෙනෙකු පමණ රැකියාවලින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ සමාගම පියවර ගෙන තිබේ.
පර්සියානු ගල්ෆ් කලාපයෙන් අපනයන යළි ආරම්භ වීමත් සමඟ ගෝලීය තෙල් සැපයුම ඉල්ලුම ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කරයි.
ජපන් රටෙන් ගෙන්වූ යතුරුපැදි නිදහස් කිරීමට අල්ලස් ලබාගත් බවට චෝදනා ලත් ශ්‍රී ලංකා රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අලි-මිනිස් ගැටුමට විසඳුමක් ලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් හඳුන්වා දීම සඳහා ගල්ගමුව ප්‍රදේශයේදී මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පැවැත්විණි.
පැලවත්ත ප්‍රදේශයේ ATM යන්ත්‍රයක් ඔස්සේ සැකකටයුතු ලෙස මුදල් ලබාගත් ඉන්දුනීසියානු ජාතිකයන් සිව්දෙනෙකු කාඩ්පත් 27ක් සහ මුදල් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් රජය ඉදිරිපත් කර ඇති අයවැය යනු දුප්පතුන් තවත් අමාරුවක දමන, කිසිදු සහනයක් නොමැති හිස් පොරොන්දු මල්ලක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය.
ගුරු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලදී ආබාධ සහිත අයදුම්කරුවන්ට අසාධාරණයක් වුවහොත් වහාම දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා සිටියි. පවතින පුරප්පාඩු මත පදනම්ව දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ පවත්වන බවද ඇය පැවසුවාය.