දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මැවූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තත්පර 60කින්
- මිලිමීටර් 100 ඉක්මවූ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අපේක්ෂිතයි.
- දවල් 1 න් පසු දිවයිනේ සෙසු ප්රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටිය හැක.
- අලුයම් කාලයේදී ප්‍රදේශ කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
මෙම පුවත වර්ධනය වූ ආකාරය
දිවයිනේ පළාත් හයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි වැටිය හැකි බවට අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 14කට තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට විශේෂ කාලගුණ අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 19කට තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ඔබ කියවන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මැවූ තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උදෑසන 5.30 ට නිකුත් කළ අනාවැකිවල සඳහන් වේ. මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද මෙම තද වැසි තත්ත්වය බලපෑ හැකිය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර හා බදුල්ල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවක් ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දිවයින වටා වන මුහුදු ප්රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් යටතේ නාවික කටයුතුවලදී සැලකිලිමත් වන ලෙස දන්වා ඇත.
මූලාශ්‍ර
මෙම ලිපිය පහත ආයතනවල වාර්තා මත පදනම්ව නිව්ස්ලංකා කර්තෘ මණ්ඩලය විසින් නැවත ලියන ලදී.
- Newswire
- Dasatha Lanka News
