රාගම ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් රාගම, පොඩි වීකුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් රාගම, පොඩි වීකුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාස පහකට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් සහ මාස දෙකක බිළිඳියක් උඩුදුම්බර කැලෑ ප්‍රදේශයක ගල් ගුහාවක සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
හම්බේගමුව ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදී රුපියල් ලක්ෂ විසිඑකකට වඩා වටිනා ගංජා පැළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
chilaw talawila wellehi di police thoduwawa mulaasthaana thuruthu mathin illegal bidi kola ton 1.6k samagin shankaarain si denek athdanguvata gathni.
අනුරාධපුර රුවන්වැලි සෑය අසල ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි රාජාංගනයේ සද්ධාරත හිමියන් හිසට මැහුම් 14ක් සමග රෝහලෙන් පිටව ගොස් තිබේ.
කොළඹ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක පිහිටි චීන ආපනශාලා දෙකක් සහ අයිස්ක්‍රීම් වෙළඳසැලක් ආහාර ආරක්‍ෂක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මාලිගාවන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර ඇත.
හිටපු ආරක්ෂක නිලධාරී සම්පත් මනම්පේරි ඇතුළු පිරිසට එරෙහි නඩුවකින් පළමු හා දෙවන විත්තිකරුවන් කොළඹ මහාධිකරණය විසින් නිදහස් කර තිබේ.
ඉපලෝගම ප්‍රදේශයේ සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් නොවැම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජාත්‍යන්තර රතු නිවේදනයක් මත ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම් සැකකරුවෙකු වන පුදුමඩම් ඉම්රාන් ඉන්දියාවට පිටුවහල් කර තිබේ.
කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරා ඇත. සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නාවගමුව ප්‍රදේශයේදී කළ වැටලීමකදී රුපියල් මිලියන ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැරටියේ දිවුල්ලේගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ නීතිවිරෝධී ලෙස නිධන් සෙවීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයට මුදල් පාඩු කළ බවට හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ජපන් රටෙන් ගෙන්වූ යතුරුපැදි නිදහස් කිරීමට අල්ලස් ලබාගත් බවට චෝදනා ලත් ශ්‍රී ලංකා රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පැලවත්ත ප්‍රදේශයේ ATM යන්ත්‍රයක් ඔස්සේ සැකකටයුතු ලෙස මුදල් ලබාගත් ඉන්දුනීසියානු ජාතිකයන් සිව්දෙනෙකු කාඩ්පත් 27ක් සහ මුදල් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
රාජාංගනයේදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු සමඟ පොරබැදි පොලිස් කොස්තාපල්වරයෙක්, ඔවුන් සතු වූ ගිනි අවියක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් හරිත මාවත හරහා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත්කළ විදේශීය සිගරට් කාටන් හැටකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර ගල්ලස්ස ප්‍රදේශයේදී අවන්හලක් තුළදී යුවළක් වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බවට සැක කෙරෙන බොරලස්ගමුවේ පිහිටි රුපියල් මිලියන 25ක දේපළක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් දින 14කට අත්හිටුවා ඇත.
සිංහරාජ වැසි වනාන්තරය අසල සංචාරක නිකේතනයක රඳවාගෙන සිටි ආවේණික සත්ව හා ශාක නිදර්ශක තොගයක් සමඟ චීන ජාතිකයින් සිව්දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.