කඩුවෙල විදුලි උපකරණ අලෙවිසලක හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි
කඩුවෙල නගරයේ දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි විදුලි උපකරණ අලෙවිසලක හටගත් හදිසි ගින්නකින් මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා මියගොස් තිබේ.
කඩුවෙල නගරයේ දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි විදුලි උපකරණ අලෙවිසලක හටගත් හදිසි ගින්නකින් මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා මියගොස් තිබේ.
නකල්ස් කලාපයේ ගුහාවක ජීවත් වූ බව කියන 15 හැවිරිදි මවට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සහය ලබා දීමට සහ මාසික දීමනාවක් පිරිනැමීමට අමාත්‍යාංශය පියවර ගනී.
මෙරට වැව්, ජලාශ සහ එල්ලංගා පද්ධති පිළිබඳ තොරතුරු එකම ක්‍රමයකට ගොනු කිරීම සඳහා ජාතික වැව් දත්ත බැංකුවක් කොළඹදී ස්ථාපිත කෙරිණි.
උතුරු පළාතේ රෝහල්වලින් දිනපතා එකතු වන වෛද්‍ය අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා නවීන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ පරමාණුක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව ජාතික කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
අපයෝජනයට හා අවදානමට ලක්වන දරුවන් වෙනුවෙන් පවුල් ආශ්‍රිත රැකවරණ ක්‍රමයක් හඳුන්වා දීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නීතිමය රාමුවක් සකස් කරමින් සිටියි.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක අස්වැසුම සුබසාධන වැඩසටහනේ උපරිම ප්‍රාග්ධන ආධාරය රුපියල් 200,000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකා හා මැලේසියානු විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මුදුන් ඇළ ජල පෝෂක ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීම සඳහා රුපියල් බිලියන 5.96 ක වියදමින් ඔලියමුල්ල පොම්පාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත නව මුළුතැන්ගෙයක් සහ සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිල වශයෙන් විවෘත කර ඇත.
දිවුලපිටිය වෙවගෙදර ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගබඩාවක හටගත් ගින්නෙන් පසු ඉතිරි වූ අවශේෂ ආරක්ෂිතව ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගනිමින් සිටී.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා යාපනයේ ආරක්ෂක සේවා මූලස්ථානයේදී උතුරු පළාතේ ආරක්ෂක අවශ්‍යතා සහ මෙහෙයුම් සූදානම පිළිබඳව සාකච්ඡා කළේය.
නව අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන ලයිෆ් සිටීස් වැඩසටහන හරහා කෑගල්ල නගරයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දුම්රිය තැපැල් සේවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ගාල්ල දුම්රිය ස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදී.
තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 23 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.
නව කම්කරු නීති සංශෝධනයේදී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට විශේෂ යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.
මාතලේ යටවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙනම රිය අනතුරු දෙකකින් තරුණ මිතුරන් දෙදෙනෙකු මියගොස් ඇත. ඉන් එක් අයෙකු රෝහල් ගත කරන මිතුරා පසුපස හඹා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
දිවයින පුරා ක්‍රියාත්මක වන හස්ති සේනා මෙහෙයුමට යටත්ව තිරප්පනේ ප්‍රදේශයේදී අග්බෝ හස්තියා නිරීක්ෂණය කර ඇති අතර, ඔහු කිසිදු උවදුරකින් තොරව සුවෙන් පසුවන බව යුද හමුදාව පවසයි.
වසර 45කට පසු කිසිදු සංවර්ධනයකට ලක් නොවූ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය මිලියන 40ක වියදමින් නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ විය.
මාලඹේ අරංගල ප්‍රදේශයේදී අයාලේ හැසිරෙන ගවයන් එකතු කිරීමේ කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම පෙබරවාරි 25 වැනිදා දක්වා අධිකරණය විසින් කල් තබන ලදී.