නවතම

සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ

  1. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජීවන වියදමට ප්‍රමාණවත් නැහැ: ඇමති ලාල් කාන්ත පිළිගනී

    වත්මන් රජය ලබා දුන් වැටුප් වැඩිවීම් ජීවන වියදම් ඉහළ යාමට ප්‍රමාණවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

  2. හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකා දෙකකට ප්‍රහාර

    ඕමානය ආසන්නයේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් කළ තෙල් ප්‍රවාහන නෞකා දෙකක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  3. අසම්පූර්ණ අධ්‍යාපන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියනයකට අධික මුදලක් වැය කර ඇත

    2018 සහ 2021 අතර ආරම්භ කර අසම්පූර්ණව පවතින අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘති 72ක් සඳහා රුපියල් මිලියන 1,600කට වැඩි මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙළි කරයි.

    මාධ්‍ය 3ක් වාර්තා කළා
  4. විශ්වවිද්‍යාල වෙත මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීමට විශේෂ පොලිස් වැඩපිළිවෙළක්

    විශ්වවිද්‍යාල පරිශ්‍ර වෙත මත්ද්‍රව්‍ය ඇතුළුවීම මැඩපැවැත්වීම සඳහා පොලිසියේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.

  5. උණුසුම් පුවතකාලගුණයකොළඹ

    දිස්ත්‍රික්ක 14ක් සඳහා අකුණු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ

    දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අකුණු සහ ගිගුරුම් සහිත වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    මාධ්‍ය 4ක් වාර්තා කළා
  6. මෝටර් රථයෙන් මත්පෙති ප්‍රවාහනය කළ වෛද්‍යවරයෙක් හලාවතදී අත්අඩංගුවට

    මෝටර් රථයකින් මත්පෙති තොගයක් ප්‍රවාහනය කළ වෛද්‍යවරයෙක් හලාවත නගරයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

  7. පවන් රත්නායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට

    නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

  8. වතුකරයේ ජනතාවගේ ගැටලු විසඳීමට නව යාන්ත්‍රණයක් සකස් කරනවා - දකුණු ආණ්ඩුකාර

    මලෛයගම් ජනතාව මුහුණ දෙන පාසල් ඇතුළත් වීමේ සහ ඉඩම් ඔප්පු ලබා ගැනීමේ ගැටලු විසඳීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

  9. බලංගොඩ බස් නැවතුම්පොළේ නවීකරණිත පොදු වැසිකිළි පද්ධතිය ජනතා අයිතියට

    ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බලංගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ නවීකරණය කරන ලද නව වැසිකිළි පද්ධතිය මහජන භාවිතය සඳහා විවෘත කෙරිණි.

  10. දිවුලපිටියේ ගිනිගත් විද්‍යුත් අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ බලපත්‍රය අත්හිටුවයි

    දිවුලපිටිය වැවගෙදර ප්‍රදේශයේදී මෑතකදී ගින්නකට ලක්වූ විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    මාධ්‍ය 2ක් වාර්තා කළා
  11. කුලියාපිටිය නව තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙයි

    රුපියල් මිලියන 29.7 ක වියදමින් කුලියාපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.

  12. මාතලේ පොලිස් සිරමැදිරියේදී සැකකරුවෙක් මිය යයි

    මාතලේ පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ අසනීප වී රෝහල් ගත කළ සැකකරුවෙකු මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම මරණයට හේතුව බවයි.

  13. දින කිහිපයකට පෙර කැලයට ගිය පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවෙයි

    වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ කැලෑවකට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

  14. කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී යමහා XSR-155 සහ NMAX-155 එළිදක්වයි

    ශ්‍රී ලංකාවේ යමහා බලයලත් බෙදාහරින්නා වන AMW සමාගම, නවතම XSR-155 මෝටර් රථය සහ NMAX-155 ස්කූටරය කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනයේදී හඳුන්වා දුන්නේය.

  15. රාජ්‍ය සේවක සංගම් 2027 අයවැයට එරෙහිව හෙට දිවයින පුරා විරෝධතාවල

    2027 අයවැය යෝජනාවලට එරෙහිව රාජ්‍ය අංශයේ සංගම් රැසක් හෙට දිවයින පුරා විරෝධතා සහ වර්ජන ක්‍රියාමාර්ග සඳහා සූදානම් වේ.

    මාධ්‍ය 2ක් වාර්තා කළා
  16. විශේෂ වියදම් ඒකක විසි එකක අයවැය ප්‍රතිපාදන ඡන්ද විමසීමකින් තොරව අනුමත වෙයි

    පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනයේදී විශේෂ වියදම් ඒකක 21ක් සදහා වූ අයවැය ප්‍රතිපාදන කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගන්නා ලදී.

    මාධ්‍ය 2ක් වාර්තා කළා
  17. ටයිටැනික් නෞකාවේ මගීන්ගේ දුර්ලභ භාණ්ඩ වාර්තාගත මිලකට අලෙවි වෙයි

    මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ මගීන්ට අයත් දුර්ලභ භාණ්ඩ රැසක් වෙන්දේසියකදී ස්ටර්ලිං පවුම් මිලියනයකට වඩා වැඩි ආදායමක් ලබමින් අලෙවි වී තිබේ.

  18. ක්ලීන් ශ්‍රී ලංකා අත්තම විශේෂ ශ්‍රමදානයක් නොවැම්බර් 28 වැනිදා

    රට පිරිසිදු කර ලස්සන කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විශේෂ ශ්‍රමදානයක් නොවැම්බර් 28 දින පැවැත්වේ.

  19. නුවරඑළිය බීට්‌රූ වතුයායේ නව නිවාස නවයක් ඉදිකිරීමට මුල්ගල් තැබේ

    ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ නුවරඑළිය බීට්‌රූ වතුයායේ නව නිවාස නවයක් ඉදිකිරීමට නියමිතය.

  20. ජනතා අයිතිවාසිකම් හකුළන මර්දනකාරී පනත් ගෙන එන්න එපාැයි විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

    රජයේ අකාර්යක්ෂමතාව වසා ගැනීමට මර්දනකාරී පනත් ඉදිරිපත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඉල්ී සිටියේය.

  21. විදුලි වාහන බදු ප්‍රතිපත්ති සහ රේගු ගැටලු ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරයි

    විදුලි වාහන ආනයනය ප්‍රවර්ධනය කිරීම, බදු ක්‍රමවේද සරල කිරීම සහ රේගු නිදහස් කිරීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ක්‍රම හා විධි කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.

    මාධ්‍ය 3ක් වාර්තා කළා
  22. ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපොහොසත් වීමෙන් ඩොලර් මිලියන ගණනක පාඩුවක්

    සුදුසු ක්‍රීඩා පහසුකම් නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබිය හැකි විදේශ විනිමය ආදායම අහිමිවීමේ අවදානමක් පවතින බව සංචාරක විශේෂඥයෙක් පවසයි.

  23. රනිල්ගේ සහ අනුරගේ විදෙස් සංචාර වියදම් පාර්ලිමේන්තුවේදී හෙළි කෙරේ

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාර සඳහා රුපියල් මිලියන 1,010ක මුදලක් වැය වී ඇති බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාර සඳහා වැය වී ඇත්තේ මිලියන 31.7ක් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

  24. හික්කඩුව මුහුදේ ගසාගෙන ගිය රුසියානු යුවළක් බේරා ගනී

    හික්කඩුව වෙරළ තීරයේ දිය නෑමට ගිය රුසියානු ජාතික යුවළක් දැඩි මුහුදු ප්‍රවාහයකට හසුවී ගසාගෙන යමින් තිබියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගන්නා ලදී.

  25. නියෝජ්‍ය පොලිස්පතිවරුන් සය දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කරයි

    ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත.

    මාධ්‍ය 6ක් වාර්තා කළා
  26. යාපන විශ්වවිද්‍යාල ගැටුමෙන් සිසුහු 21 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

    යාපන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනෙකු නොවැම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    මාධ්‍ය 4ක් වාර්තා කළා
  27. තාවකාලික උද්ධමනය මැදත් ජනතාවට සහන දුන්නා - අමාත්‍ය සමන්ත විද්‍යාරත්න

    ලිදුල වෝල්ට්‍රීම් වතුයායේ අවතැන් වූවන් වෙනුවෙන් ඉදිවන නව නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය කරමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසීය.

  28. නගවිල්ලුව දුම්රිය ස්ථානය අසල ගොඩනැගිල්ලක තිබී මළ සිරුරක් හමුවෙයි

    පුත්තලම පොලිස් වසමට අයත් නගවිල්ලුව දුම්රිය ස්ථානය අසල දෙමහල් ගොඩනැගිල්ලක් තුළ තිබී හඳුනා නොගත් මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    මාධ්‍ය 2ක් වාර්තා කළා