ආයුර්වේද හා දේශීය වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමට තීරණය
ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ඇරඹීමට සහ පවතින ගැටලු විසඳීමට පාර්ලිමේන්තුවේදී එකඟතාව පළ විය.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ඇරඹීමට සහ පවතින ගැටලු විසඳීමට පාර්ලිමේන්තුවේදී එකඟතාව පළ විය.
2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත අවසාන දිනය නොවැම්බර් 30 වන දින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් සිහිපත් කර තිබේ.
2019 සහ 2024 වසරවලදී තරුණ පරපුර රැවටීමට ලක්වූ බවත්, රට තුළ වාහන අලෙවියට අමතරව නිෂ්පාදන කර්මාන්තයක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ඉන්දීය සිනමාපටයක් වන 'රාමායණ' හි රාවණා චරිතය වීරයෙකු ලෙස පෙන්වමින් ඉතිහාසය විකෘති කර ඇති බවට චෝදනා කරමින් එය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරිෂද් සංවිධානය ඉල්ලා තිබේ.
දශක දෙකකට වැඩි කාලයක් ස්වාධීන රූපවාහිනී සේවයේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී සහ විශ්‍රාමික ඉංග්‍රීසි ගුරු උපදේශක කුලරත්න දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.
අවිස්ساවේල්ල මහාධිකරණයේදී 2003 වසරේ සිදු වූ අතබෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවති 14 වන ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණද, පත්කරගත් වේලාවන් යටතේ ලබාදෙන සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ යොවුන් ක්‍රීඩකයෙකු සහ ඔහුගේ මව එක්ව අන්තර්ජාල ක්‍රීඩාවක් ඔස්සේ ලැබුණු තොරතුරකට අනුව, වසරකට වැඩි කාලයක් අතුරුදන්ව සිටි තරුණියක් එෆ්.බී.අයි. ආයතනයේ සහාය ඇතිව මුදාගෙන තිබේ.
පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් හමුවේ ලද පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල නවවන ස්ථානය දක්වා පහත වැටී තිබේ.
වලපනේ, නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ නිවසක ඉතා දුර්ලභ ගණයේ මකුළු දැලක් වැනි දැල් ආකාර කොටසකින් යුත් හතු විශේෂයක් හමුවී තිබේ.
දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී වාහන ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ වාහන පහක් පොලිස් භාරයට ගෙන තිබේ.
කහ පැහැති හිස් ගෑස් සිලින්ඩර නිල් පාට ගල්වා ලිට්‍රෝ සිලින්ඩර ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙක් කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වසරේ මුල් මාස දහය තුළ පමණක් දරුවන්ට එරෙහි ලිංගික අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 776ක් ලැබී ඇති බව ජාතික මර්දන අධිකාරිය පවසයි.
රටේ තැපැල් සේවය ඩිජිටල්කරණය කර ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.
මහව පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නෙදර්ලන්තය පරදවා කඩුලු 9ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පවතින එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන වසරේ අප්‍රේල් මාසය වන විට දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් ඇති විය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
යාපනය චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් පවත්වන කැණීම් සහ විමර්ශන කටයුතු පූර්ණ අධිකරණ අධීක්ෂණය යටතේ විද්‍යාත්මකව ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා රජය විසින් දරනු ලබන වියදම 2024 වසරේ තිබූ රුපියල් මිලියන 110.51 සිට 2026 වසරේදී රුපියල් මිලියන 4.39 දක්වා පහත වැටී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2027 අයවැයෙන් වැටුප් ගැටලුවලට විසඳුම් නොලැබීමට එරෙහිව ගුරු හා විදුහල්පති සංගම් නොවැම්බර් 30 වන දින අසනීප නිවාඩු දමා වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
දරුවන්, කාන්තාවන් සහ තරුණයන්ගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ලෙස ඇතුළත් කිරීමට ගෙන එන සංශෝධනවලට පූර්ණ සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වියට්ජෙට් ගුවන් සේවය කොළඹ සහ මාලදිවයින අතර නව ගුවන් ගමන් සේවයක් දෙසැම්බර් 5 වන දින ආරම්භ කිරීමට නියමිතය.
ඉදිරි 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය මගින් ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා නිවැරදි කිරීම මඟහැර ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
පූගොඩ පට්ටියගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමග 48 හැවිරිදි පුද්ගලයෙකු වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල දෙමහල් ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නකින් මියගිය එකම පවුලේ සිව්දෙනාගේ දේහයන් ඔවුන්ගේ තලාහේන නිවසට රැගෙනවිත් තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවලදී පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වාද්දුුවේදී කාන්තාවකට සහ තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජපානයේ KDDI සමාගම විසින් අන්තර්ජාලයට සම්බන්ධ නොවන සහ අත්‍යවශ්‍ය මූලික පහසුකම් පමණක් සහිත නවතම ජංගම දුරකථනයක් හඳුන්වා දී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂා කරන ලද බූන්දි නიმუშ 16කින් 13කම මავනෙදායක රසායනික ද්‍රව්‍ය අඩංගු බව තහවුරු වී තිබේ.