නිව්යෝර්ක් නගරයේ අවන්හල්වල සතුන් පණපිටින් තැම්බීම තහනම් කිරීමට යෝජනාවක්
සජීවී පොකිරිස්සන් සහ කකුළුවන් උතුරන වතුරට දැමීම තහනම් කිරීම සඳහා නිව්යෝර්ක් නගරයේ නීති සම්පාදකයින් විසින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
සජීවී පොකිරිස්සන් සහ කකුළුවන් උතුරන වතුරට දැමීම තහනම් කිරීම සඳහා නිව්යෝර්ක් නගරයේ නීති සම්පාදකයින් විසින් නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ මීළඟ වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 345 ක මුදල මෙම නොවැම්බර් මස අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට හිමිවන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයේ මෝස්තරය සමාන යැයි පවසමින් ලන්දේසි අධිකරණයක් විසින් චීන නිෂ්පාදිත BYD Ti7 SUV රථය යුරෝපය තුළ අලෙවි කිරීම තහනම් කර තිබේ.
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් පුආන්ග්කෙට්කියෝ දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට මෙහිදී අත්සන් තැබීමට නියමිතය.
අමෙරිකානු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් එන්වීඩියා සමාගමේ ගිණුම්කරණ ක්‍රමවේද සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම තත්ත්වය හමුවේ සමාගමේ කොටස් මිලෙහි සැලකිය යුතු පහත වැටීමක් වාර්තා විය.
රියදුරු අසුනේ සිටම කාර්යාල කටයුතු පහසුවෙන් කරගැනීමට හැකි වන පරිදි මෝටර් රථ සඳහා නව හැඩයේ සුක්කානමක් බීවයිඩී සමාගම විසින් හඳුන්වා දී ඇත.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් කාවන්තිස්ස ඇතා මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් නොව පාචන තත්ත්වයක් උත්සන්න වීමෙන් බව පරිසර අමාත්‍යවරයා පවසයි.
දිවංගත ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ ජීවිත කතාව පදනම් කරගත් 'එදා රේ' චිත්‍රපටය රුපියල් බිලියනක ආදායම් වාර්තාවක් පිහිටුවද්දී, ඔහුගේ දරුවන් අතර සංගීත උරුමය සහ ආදායම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා මතභේද හටගෙන තිබේ.
වාහන සඳහා ලබාදෙන ණය වටිනාකම් ඉක්මවා යාම වැළැක්වීමට මහ බැංකුව නව නීති පාලනයක් හඳුන්වා දී තිබේ.
2027 වසර සඳහා වන අයවැයේ කාරක සභා අවධියේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වන අතර එය දෙසැම්බර් 14 වන දින දක්වා පැවැත්වේ.
පන්නිපිටිය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 47.6ක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ චීන කටු වෛද්‍යවරයෙකුට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා දඩ හා වන්දි නියෝග කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය ඇමති සිවනේස්තුරායි චන්ද්‍රකන්තන් හෙවත් පිල්ලෙයන්ගේ ඇප ඉල්ලීම ලබන වසරේ ජනවාරි 18 වැනි දින සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරටට තාර ආනයනය කිරීමට බාධා එල්ල වීම නිසා දිවයින පුරා මාර්ග සංවර්ධන හා නඩත්තු කටයුතු දැඩි ප්‍රමාදයකට ලක්ව තිබේ.
කන්තලේ ජලාශය හා රක්ෂිත ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන මුවාවෙන් මැණික් ඉල්ලම් කොල්ලකෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ගම්වාසීහු චෝදනා කරති.
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඇමරිකාව සමඟ පවතින ගැටුම රාජ්‍යතාන්ත්‍රිකව විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි. එහෙත් ට්‍රම්ප් පවසන්නේ ඉරානය ඉදිරිපත් කරන කොන්දේසි පිළිගත නොහැකි බවයි.
මොරිසියෝ පොචෙටිනෝ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර දින තුනකට පසු මැන්චෙස්ටර් යුනයිටඩ් සමාජය පවුම් මිලියන 10ක නව ණයක් ලබාගෙන ඇත.
සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය යේමනයේ හොඩෙයිඩා වරාය ඇතුළු ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නීත්‍යනුකූලව හිමිව තිබූ වරප්‍රසාද කිහිපයක් ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්ෂ 88.7 කට අධික මුදලක් යළි මහා භාණ්ඩාගාරයට ලබා දුන් බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මහනගර සලාකයේ මාලබේ සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු පදිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඇමරිකානු තාක්ෂණික සමාගම් වෙනත් රටවල කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන ඉදිකළහොත් දැඩි දඩ මුදල් හා බදු පැනවීමට කටයුතු කරන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ත්‍රිකුණාමලය ඕර්ස් හිල් පිහිටි 22 වන බලඇණි යුද හමුදා කඳවුරේ ගබඩාවක අද අලුයම හදිසි ගින්නක් හටගෙන තිබේ.
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් කැනඩාව සමඟ පවත්වන ආරක්ෂක සබඳතා සම්බන්ධයෙන් නව සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
පසුගිය දිනවල පැවති අයහපත් වායු ගුණාත්මක තත්ත්වය අද දින සිට යහපත් අතට හැරෙනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වසර 15කට පෙර සිදු වූ අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු දේශීය ආදායම් තක්සේරුකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.
ටකාටා වායු බෑග් පද්ධතිවල ඇතිවිය හැකි දෝෂයක් හේතුවෙන් හොන්ඩා සහ ටොයෝටා මෝටර් රථ සමාගම් විසින් වාහන මිලියන 1.6කට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවා තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අනුව දිවයිනේ ප්‍රදේශ හතක වාතයේ ගුණාත්මකභාවය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පිරිහී තිබේ.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික ක්‍රියාන්විතය නියත වශයෙන්ම ජය ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පන්නිපිටිය, ඩිපෝනම ප්‍රදේශයේ කඩයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීමට ගිනි නිවන රථ යෙදවීය. මේ වන විට කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
ඉදිරි 2027 වර්ෂය සඳහා වන අයවැයෙන් ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.