ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ දහස ඉක්මවා යයි
මෙම වසර තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 110,431ක් සහ මරණ 82ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
මෙම වසර තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 110,431ක් සහ මරණ 82ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති 107 වන හර්මන් ලෝස් අභියෝගතා කුසලාන කඳවුරේ සමස්ත ශූරතාව කුරුණෑගල මලියදේව විද්‍යාලය දිනා ගත්තේය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී ආරම්භ විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි උපන්දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සුබ පැතුම් එක් කර තිබේ.
නව කම්කරු නීති සංශෝධනයේදී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ රැකියා අවස්ථා පුළුල් කිරීමට විශේෂ යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අභියෝගවලින් මුදාගැනීම සඳහා පුළුල් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිගුස්වක්කු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයේ ඉංජිනේරුවන් පන්සියයක් රටින් පිටව ගොස් ඇති බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වෘත්තිකයන් රැකගැනීම සඳහා ඵලදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ී සිටී.
වනජීවී සංරක්ෂණය වැදගත් බව අවධාරණය කළ අභියාචනාධිකරණය, ගොවීන්ට ගිනි අවි ලබා දීමේ රජයේ තීරණයට එරෙහි පෙත්සමක් සලකා බැලීය.
හයිටියේ සන්නද්ධ කල්ලි මර්දනයට දායක වූ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ගේ සේවය එරට වැඩබලන අග්‍රාමාත්‍යවරයා අගය කර තිබේ.
නුවරඑළිය මැදකුඹුර වතුයායේ ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙල්ස්ටා හොස්පිට්ල්ස් ආයතනය විසින් නොමිලේ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කළ කොම්පඤ්ඤවීදියේ වෙළෙඳසැලකට රුපියල් 84,000ක දඩයක් නියම කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
රටේ රාජ්‍ය ආයතන ජාලය කාර්යක්ෂම කිරීමේ පළමු පියවර ලෙස, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට පවරා ඇත.
අක්‍රමවත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් ලබාදුන් සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
වසර දහතුනකට පසු රොක්ස්ටාර් ගේම්ස් ආයතනය ග්‍රෑන්ඩ් තෙෆට් ඔටෝ VI එළිදක්වන අතර, ක්‍රීඩා ලෝලීන් වැඩ කරන දින නිවාඩු දමා ගේම් එක වෙනුවෙන් සූදානම් වෙති.
හිටපු ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලදී.
ජාතික ජන බලවේගය බලය හෙබවූ පදියතලාව ප්‍රාදේශීය සභාවේ 2027 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද පහකින් පරාජයට පත්ව තිබේ.
ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පී වජිර විජේගුණවර්ණගේ තෙවන කලාත්මක ඡායාරූප ප්‍රදර්ශනය 'වයිල්ඩ් ග්‍රේස්' නොවැම්බර් 27 සිට 29 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වේ.
පාරිභෝගික ජනතාවට සහන මිලට භණ්ඩ ලබා දීමේ අරමුණින් නව සතොස ශාඛා හතරක් ගම්පහ, වටවල, දික්ඔය සහ රිදීගම යන ප්‍රදේශවලදී විවෘත කෙරිණි.
2026 වසරේ මුල් මාස දහය තුළ කොළඹ වරායේ භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීමේ පරිමාව සියයට 10 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
අනුරාධපුර රුවන්වැලි සෑය අසල පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් රජංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.
බුලත්කොහුපිටිය ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවි තුනක් සහ සතාගේ මස් තොගයක් සමඟ 65 හැවිරිදි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය සහන පැකේජය 2027 මාර්තුවෙන් අවසන් වන බැවින්, ඉන්පසු රටේ ආර්ථිකය දේශීය ආදායම් මත පමණක් පවත්වා ගැනීමට සිදුවන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසයි.
දෙමාපියන් දෙදෙනාම දෘශ්‍යාබාධිත වීම සහ අස්වැසුම සහනාධාරය අහිමි වීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුලක දරුවෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී J.C. අලවතුවල මහතා පවසයි.
මාතලේ යටවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙනම රිය අනතුරු දෙකකින් තරුණ මිතුරන් දෙදෙනෙකු මියගොස් ඇත. ඉන් එක් අයෙකු රෝහල් ගත කරන මිතුරා පසුපස හඹා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 243 කට අධික කොන්ත්‍රාත් ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට රජය අනුමැතිය ලබා දී ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක වන හස්ති සේනා මෙහෙයුමට යටත්ව තිරප්පනේ ප්‍රදේශයේදී අග්බෝ හස්තියා නිරීක්ෂණය කර ඇති අතර, ඔහු කිසිදු උවදුරකින් තොරව සුවෙන් පසුවන බව යුද හමුදාව පවසයි.
වසර 45කට පසු කිසිදු සංවර්ධනයකට ලක් නොවූ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය මිලියන 40ක වියදමින් නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ විය.
ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සම්මේලනය සහ රිච්වින් සමූහය එක්ව 'කූප් ෆිෂ්' නමින් ටින් කළ මාළු නිෂ්පාදන 28ක් සීදූවේදී හඳුන්වා දුන්නේය.
අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළ නඩුවකදී මගහැර සිටි බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2025 වසරට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරතරය විසඳන තෙක් 2027 ජූලි මස සිට රුපියල් 2,500ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට රජය පියවර ගනී.