මම නැවත දේශපාලනයට එන්නේ නැහැ: කාංචන විජේසේකර
හිටපු අමාත්‍ය කාංචන විජේසේකර දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ආයතනික අංශයේ රැකියාවක නිරත වන බව ප්‍රකාශ කර තිබේ.
සෑම මිනිත්තු 5කට වරක් යාවත්කාලීන වේ
හිටපු අමාත්‍ය කාංචන විජේසේකර දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ආයතනික අංශයේ රැකියාවක නිරත වන බව ප්‍රකාශ කර තිබේ.
ප්‍රසිද්ධියේ හිරු එළියට නිරාවරණය වන සේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමේ වරදට ග්‍රෑන්ඩ්පාස් වෙළඳසැල් හිමිකමෙකුට රුපියල් 41,000 ක දඩයක් නියම කර තිබේ.
දිගුකාලීන වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිතිය ලබන සඳුදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇත.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
2027 අයවැය යෝජනා අනුව ගුරුවරුන්, විදුහල්පතිවරුන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් 2024 වසරට සාපේක්ෂව ඉහළ නංවා තිබේ.
ලාෆ්ස් ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් එම ගෑස් භාවිත කරන ආපනශාලාවල කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 15කින් සහ කෙටි කෑම මිල රුපියල් 5කින් වැඩිකර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව මිල සූත්‍රය නිසා යුරෝපීය වෙළඳපොළෙන් ගෙන්වන උසස් තත්ත්වයේ ඖෂධ මෙරටට ගෙන්වීම අඩාල විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ සහතික ලත් හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ආණ්ඩුවේ අය-වැය මඟින් සාමාන්‍ය ජනතාවට සහන හෝ ව්‍යාපාරිකයන්ට නව බලාපොරොත්තුවක් ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
2027 අයවැයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා බදු සහන හෝ විදුලිබල සහන ලබා දී නොමැති බවත්, මෙය කර්මාන්ත වසා දැමීමට හේතු විය හැකි බවත් ලංකා එක්සත් ව්‍යාපාරික සන්ධානය පවසයි.
පසුගිය දශකයක කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අපේක්ෂිත ආයෝජනවලින් සියයට 59ක්ම මෙතෙක් ලැබී නොමැති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මුහුණු ආවරණය කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවෙස් හිමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබේ.
මියගිය කාවන්තිස්ස ඇත් රජුගේ මතකය සදාකාලික කිරීම සඳහා බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී ජීවමාන ප්‍රමාණයේ පිළිරුවකට මුල්ගල් තබා තිබේ.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් රාජකාරී වෙනත් සේවාවල නිලධාරීන්ට පැවරීමෙන් වළකින ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රධානීන් වෙත දන්වා සිටියි.
ස්පේස්එක්ස් සමාගම සිය දැවැන්ත ස්ටාර්ෂිප් රොකට්ටුවේ ඉහළ කොටස දියත් කිරීමේ කුළුණේ යාන්ත්‍රික අත් මඟින් සාර්ථකව අල්ලා ගැනීමට සමත්ව ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් රාගම, පොඩි වීකුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියාවේ නිපදවූ Neooncovac නම් mRNA පිළිකා එන්නත ලබාගත් පළමු මෙලනෝමා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මාස හතරකට පසු ස්ථාවරව පවතින බව පර්යේෂකයෝ පවසති.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වනජීවී නිලධාරියෙකුගේ නිවෙස්වල සිදුකළ වැටලීමකදී රන් කිලෝ 2.5කට අධික ප්‍රමාණයක් සහ විශාල දේපළ තොගයක් සොයාගෙන තිබේ.
ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ගේ ඡායාරූප ගබඩාවලට නිසි අවසරයකින් තොරව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය මෙටා සමාගමට දැඩි දඩ මුදලක් නියම කර තිබේ.
ඇමෙරිකානු, රුසියානු සහ චීන රාජ්‍ය නායකයන් ලබන සතියේ චීනයේදී ත්‍රෛපාර්ශ්වික හමුවකට සහභාගී වීමට නියමිත අතර, එහිදී න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
නකල්ස් ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක් දරුවෙකු ප්‍රසූත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය දැඩි කම්පනය පළ කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ 1996 වසරේ ආරම්භ වූ ලක්හඬ ගුවන් විදුලිය අදට වසර 30ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ 2027 වසරේ සිට දිවයින පුරා මහා පරිමාණ හරිත ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇත.
මාස පහකට පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් සහ මාස දෙකක බිළිඳියක් උඩුදුම්බර කැලෑ ප්‍රදේශයක ගල් ගුහාවක සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 900 කට ආසන්න මුදලක් වැය වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පසුගිය රජයන් විසින් සමාගම් සමඟ කරන ලද අවාසිදායක ගිවිසුම් හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල පාලනය කිරීමට අභියෝග මතුව ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
නකල්ස් ප්‍රදේශයේදී අනාරක්ෂිත ප්‍රසූතියකින් පසු බිළිඳෙකු සමඟ හමුවූ 15 හැවිරිදි දැරියක් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සිය දැඩි කම්පනය පළ කර තිබේ.
අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) කැඳවා තිබේ.
නියමිත සංයුති ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන සකස් නොකිරීම හේතුවෙන් මාලිගාවාඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බින් චුන් ශ්‍රී ලංකා සමාගමට රුපියල් 84,000 ක දඩයක් නියම කර තිබේ.
කොළඹ 03 පිහිටි අවන්හලක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග උල්ලංඝනය කිරීම හේතුවෙන් රුපියල් එක් ලක්ෂයක දඩයකට යටත් කර තිබේ.
අනුරාධපුරයේදී සිදුවූ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත වූ රාජාංගණයේ සද්ධාරතන හිමිට ජනාධිපති ආර්යාව සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දුරකථනයෙන් කතා කර සුවදුක් විමසා ඇත.